කළුවර අතවනයි – විදුලි බල අර්බුදය අතලඟයි

electricity

ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසන් සභාව සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්, මගී ප්‍රවාහන කලමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ලංකා ඛනිජ තෙල් අමාත්‍යාංශයේදී පසුගියදා (05දා) පැවති සාකච්ඡාවකදී 2020 වසරේ අප්‍රේල් – මැයි වන විට දිවයිනට දැවැන්ත විදුලි අර්බුදයක් පිළිබඳව කරුණු රැසක් අණාවරණය වී ඇත.

එම අර්බුදය, විදුලි කප්පාදුවක් දක්වා යා හැකි බවත්, එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ 2019 -2020 යන කාලසීමාවේදී ජාතික විදුලිබල පද්ධතියට එකතුවිය යුතු මෙගාවොට් 100 ක් පමණවන අවශ්‍ය විදුලි ධාරිතාවය එක් නොවීම බවයි ඉහත කී සකච්ඡාවේ වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ.

මෙසේ අමතර ධාරිතාවයක් එක්කල හැකි සූර්යබල ශක්ති සහ සුළං බල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සහ විදුලිබල අමාත්‍යාංශය විසින් කිසිදු පියවරක් ගෙන නොමැති අතර ඒ තුළින් පසුගිය වසර 5ක කාලය තුළ සූර්ය විදුලිබල පද්ධති ක්‍රියාත්මක කිරීම අකර්මන්‍ය කිරීමට කටයුතු කර ඇතැයිද මෙහිදී අනාවරණය විය‍.

නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විදුලිබල ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පවසන්නේ, මෙසේ ජාතික පද්ධතියට අළුතින් විදුලි ධාරිතාවයක් එක් නොවිමට ප්‍රධාන හේතුව වන්නේ, ජාතික විදුලිබල පනත බවයි.

අදාළ පනතේ පවතින යම් යම් වගන්ති හේතුවෙන් නව විදුලි උත්පාදනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට බාධාවක් වූ බව එම නිලධාරීන් පෙන්වා දෙන ලදී.

ඉහත කරුණු පිළිබදව අවධානය යොමුකළ විෂයබාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා, අදාළ විදුලිබල පනත පිළිබදව කරුණු සොයා බලා, විදුලි නිෂ්පාදනයට එම පනත මගින් කිසියම් බාධාවක් වන ආකාරයේ වගන්ති ඇත්නම් ඒවා සංශෝධනය කර, විදුලි නිෂ්පාදනය වෙනුවෙන් එල්ලවී ඇතැයි සැලකෙන බාධාවන් ඉවත් කිරීම සදහා විදුලිබල ලේකම් වසන්තා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.