කළු ගඟ හුවමාරු ඇළ මාර්ගයේ ශක්‍යතා අධ්‍යයනය නතර කෙරේ

kaluganga

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩ සටහනේ දෙවන අදියරේ යෝජිත රන්දෙනිගල – කළු ගඟ හුවමාරු ඇල මාර්ගයේ ශක්‍යතා සැලසුම් සදහා නකල්ස් අධි සංවේදී පරිසර කලාපයේ ලකේ ගල පාමුල පිහිටි හින් ගඟ අවට ප්‍රදේශය සදහා සදහා අවසර ලබාගත් පුද්ගලික සමාගම විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පනවා තිබු කොන්දේසි බරපතල ලෙස උල්ලංඝනය කර ඇති හෙයින් ශක්‍යතා අධ්‍යයනය නතර කොට ඇත.

යෝජිත වේල්ල ඉදිකිරිමට සමගාමිව පිවිසිමට ඇත්තේ නකල්ස් සංරක්ෂිත වනාන්තරය තුලින්ය. සංරක්ෂිත වනාන්තරයට අදාල වන සියලු අනපනත් හා නීති රීති හා රෙගුලාසිවලට යටත්ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇති සිතියමේ සදහන් මාර්ගය හැර කිසිදු මාර්ගයක් භාවිතා කිරීම හෝ හානි කිරීම, පවතින ගම්සභා මාර්ගය ඔස්සේ වාහන භාවිතා නොකිරීම යන වගන්ති උල්ලංඝනය කරමින් දැඩි ආනතියකින් හා බෑවුමකින් යුත් ප්‍රදේශයන්හි විකල්ප මාර්ග යන්ත්‍ර සුත්‍ර භාවිත කර ඉදිකර ඇති බවට එම මාර්ගයේ ඒවායේ බරවාහන හා කැනීම් යන්ත්‍ර ප්‍රවාහනය සදහා යොදවා ඇති බව මාතලේ පරිසර සංවිධානයේ කැදවුම්කරු සිසිර කුමාර මහතා කියා සිටියි.

නකල්ස් වනාන්තරය තුල ශක්‍යතා අධ්‍යනය සදහා මාර්ගය ඉදිකිරීමේදී වටිනා ගස් වර්ග ගණනාවක් බිම හෙලා යාන්ත්‍රික මෙවලම් යොදාගෙන පරිසරයට හානි සිදුකරමින් දැඩි ආනතියකින් හා බෑවුමකින් යුත් මාර්ග සැකසූ කර ඇති බව හා වන සතුන් දඩයම් කර පුළුස්සා ආහාරයට ගෙන ඇති බවට ස්වභාවික ජල මුලශ්‍රවලටද හානි කර තිබෙන බව නිරීක්ෂණය කිරිමට හැකිවිය.

විල්ගමුව, ලග්ගල හා මිනිපේ යන ප්‍රාදේශීය සභාවන්හි විශේෂ මාසික රැස්වීම් කීපයකදී මෙම ශක්‍යතා අධ්‍යන වැඩ පිළිවෙල හා යෝජිත වේල්ල හේතුවෙන් තම බල ප්‍රදේශවල ජනතාවට ඉදිරියේදී විශාල ජල ගටලුවකට මුහුණපෑමට සිදුවන බව අවධාරණය කරමින් අදාල ව්‍යාපෘතිය නතර කරන ලෙස දිගින් දිගටම බලවත් විරෝධයක් මතුකළහ.

මෙම ක්ෂේත්‍ර චාරිකාවට විලගමුව, ලග්ගල, මිනිපේ යන ප්‍රාදේශීය සභාවන්හි පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින්, මහ සංඝරත්නය හා පරිසරවේදීන්ද එක්ව සිටියහ. කිලෝ මීටර් දහයකට වැඩි දුෂ්කර මාර්ගයේ ගමන්කරමින් සිදුව ඇති හානිය සියසින් දැකබලා ගැනීමට ඔවුන්ට හැකි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.