ක්‍රිකට් ගුටි !

attack

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පෙරේදා (26) පැවති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් පිරිසකට යුධ හමුදාවෙන් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මෙම තරගය නැරඹීම සඳහා විශාල උද්‍යෝගයක් ප්‍රේක්ෂකයින් තුළ තිබුණු අතර ප්‍රවේශපත් නිකුත් කිරීම සඳහා ප්‍රමාණවත් සේවක පිරිසක් යොදවා නොතිබුණු බැවින් ක්‍රීඩාංගණයේ පිවිසුම් ගේට්ටුව අසල යම් නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව තිබිණි.

එහිදී තත්වය පාලනය කිරීම සඳහා පොලිසිය මෙන්ම යුධ හමුදාව ද කැඳවා තිබුණු අතර හමුදා සාමාජිකයින් ප්‍රේක්ෂකයින්ට පන්න පන්නා පහරදෙන ආකාරයත් ප්‍රේක්ෂකයින් “ගහන්න එපා දෙයියනේ” කියමින් කෑ ගසන දැකගත හැකිවිය

හම්බන්තොට සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින්ට යුධ හමුදාව සහ පොලිසිය විසින් එල්ල කළ ප්‍රහාරය හෙළාදකින බව ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.