කාන්තාවන්ට සිල් ස්‌වාමි පුරුෂයන්ට සීල්

K. D. Lalkanthaකාන්තාවන්ට සිල් රෙදි බෙදන ගමන් ඔවුන්ගේ ස්‌වාමි පුරුෂයන්ට අරක්‌කු බෝතල් දීලා ඡන්දය ඉල්ලන ක්‍රමයක්‌ මාතලේ දිස්‌ත්‍රික්‌කයේ පවතින බව ජනතා විමුක්‌ති පෙරමුණේ ලාල් කාන්ත මහතා පැවසීය.

ආගමත් විකුණගෙන කන මේ අය දෙන රෙදි ඇඳගෙන සිල් ගත්තම රෙදි බෙදපු අයට කලින් සිල් ගත්ත අය අපායට යන බව ඔහු කීවේය. මාතලේ පැවැති සංවාදශීලී හමුවීම්වලදී ලාල් කාන්ත මහතා සිල් රෙදි සහ අරක්‌කු ගැන කීවේ ය. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මූලස්‌ථානය දේශපාලන අනාථාගාරයක්‌ බව පැවැසූ ඒ මහතා විවිධ දේශපාලන පක්‌ෂවලින් පන්නන අය ඒ අනාථාගාරයේ දී මල් මාලා පළඳවා ඉඹලා පිළිගන්නා බව පැවැසීය. ගෙම්බො වගේ පැන පැන පක්‌ෂ මාරු කරන දේශපාලකයන් ගැන කතා කරන්න කාලය මිඩංගු කිරීම අපරාධයක්‌ නේදැයි ඔහු ප්‍රශ්න කළේ ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.