කාන්තාවන් තිදෙනෙක් රුපියල් දහසකට ජීවිතයෙන් වන්දි ගෙවති

dead

කෝටිපති ව්‍යාපාරිකයකු බෙදා දීමට රැගෙන ආ රුපියල් දහසේ මුදල් ආධාර ලබා ගැනීමට ගොස් මියගිය කාන්තාවන් තිදෙනාම මියගොස් ඇත්තේ තෙරපීම නිසා ශ්වසන පද්ධතිය සිර වීමෙන් බව අධිකරණ වෛද්‍ය නිලධාරී රාවුල් හක් මහතා පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව තීරණය ලබා දුන් බව මාලිගාවත්ත පොලිසිය කියයි .

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මියගේ නියෝග මත මරණ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරය තුලදී ය.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළසිරුර ඥාතීන්ට භාර දෙන ලෙසත් එම මළසිරුරු මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමියේ මිහිදන් කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය ඊයේ (21) නියෝග ලබා දුන් බව මාලිගාවත්ත පොලිසිය වැඩිදුරටත් පැවසීය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.