කාන්තා මත්පැන් ඇස්බැන්දුම අහෝසි

mahinda-samarasingheකාන්තාවන්ට මත්පැන් අලෙවි කිරීම හා මත්පැන් අලෙවිසල් රාත්‍රී 10 දක්වා විවෘතව තැබීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය ඒකමතිකව කැමැත්ත පළ කළ බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය. මෙය අයත් වන්නේ මාධ්‍ය ඇස් බැන්ඳුම් ගණයටය. කුතුහලය දනවන සුළු පුවතක් මවා ඒ වටා හා හුවක් ඇතිකිරීම අරමුණයි. අවාසනාවකට මේ වටා එතරම් කතා බහක් ඇති වුනේ නැත.

පසුගියදා මුදල් අමාත්‍යංශය මගින් මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් නිකුත් කළ එම චක්‍රලේඛයට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේ සිය විරෝධය පළ කර සිටිමට පෙර ඔහු මේ පිළිබඳව නොදැන සිටි බව පිළිගන්නේ කොණ්ඩය බැඳපු චීනුන් යැයි කීම චීන ජනතාවට කරන අපහාසයක් විය හැකිය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.