
දේශීය කිරි නිෂ්පාදනය වැඩි විය හැකි හෙයින් පවතින තත්ත්වයට අනුව ලබන මාසය වනවිට ගොවීන්ට මහපාරේ කිරි හැලීමට පවා සිදුවිය හැකි බව පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියශීලී වික්‍රමනායක මහතා පවසයි. ආනයනික පිටිකිරි සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදී තිබෙන අතර, පිටිකිරිවල ප්‍රමිතිය පිළිබඳ ඇති ගැටලුව සොයා බැලීමට තවමත් කටයුතු කර නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.
දේශීය වශයෙන් ක්‍රියාත්මක වන තම සමාගමට රටට අවශ්‍ය දියර කිරි, පිටිකිරි හා බටර් ඇතුළු නිෂ්පාදන 100%ක් ලබාදීමට හැකියාව තිබෙන බවත්, දේශීය වෙළෙඳපොළ තුළ ඉඩක් නොමැති නිසා බටර් විශාල වශයෙන් විදේශ රටවලට අපනයනය කරන බවත් සභාපතිවරයා පැවසීය.
විදේශීය කිරි
කිරිවල අඩංගු ප්‍රධාන ප්‍රෝටීනයක් වන්නේ කැසේන්ය. බටහිර රටවල ජීවත් වන ගවයන්ගේ කිරිවල අඩංගු කැසේන් ප්‍රෝටීනය අපේ රටවල සිටින ගවයන්ගේ කිරිවල අඩංගු කැසේන් ප්‍රෝටීනයට වඩා වෙනස්ය. ඒ ජානමය වෙනස්කමක් හේතුවෙනි. බටහිර රටවල් නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල නිපදවන කිරි A1 ලෙස හඳුන්වයි. කිරි සමඟ මෙම ප්‍රෝටීන අපේ සිරුරට ලැබුණු විට ඊට එරෙහිව අපේ සිරුරේ ප්‍රතිදේහ නම් ප්‍රෝටීන නිපදවීම සිදුවේ. මෙම A1 ප්‍රෝටීනවලට එරෙහිව සෑදෙන ප්‍රතිදේහ අග්න්‍යාශයේ බීටා සෛලද විනාශ කරයි. එයට හේතුව A1 ප්‍රෝටීන අපගේ අග්න්‍යාශයේ ඉන්සියුලීන් නිපදවන බීටා සෛලවලට සමාන නිසාය. මේ නිසා විදේශීය කිරි පිටි පරිභෝජනය කරන දරුවන් ඉන්සියුලින් අත්‍යවශ්‍ය දියවැඩියාවට ලක්වීමේ අවදානම ඉතා වැඩිය.
මුදල අඩු කරගැනීම සඳහා ෆාම්තෙල්
වාසනාවට අපේ රටේ ගවයන්ගේ කිරිවල A2 නම් ප්‍රෝටීනය අඩංගු අතර මෙම ප්‍රෝටීනය නිසා පෙර සඳහන් කළ ආකාරයේ රෝග තත්ත්වයන් ඇති වන්නේ නැත. අපට කිරි එවන රටවල් පවා තම රටේ පරිභෝජනයට ආසියාතික සහ අප්‍රිකානු රටවලින් කිරි ආනයනය කරනු ලබයි.
රිපිටි නිපදවීමේදී ප්‍රථමයෙන් සිදුකරන්නේ එහි ගුණාත්මක බවින් යුක්ත පෝෂණ කොටස ඉවත් කිරීමයි. මෙම පෝෂණ කොටස බටර් සහ චීස් නිෂ්පාදනයට යොදා ගනී. පෝෂණ කොටස ඉවත් කර ගත් පසු ඉතිරිවන අපද්‍රව්‍යවලට පෙර ඉවත් කර ගත් පෝෂණ කොටසින් සුළු ප්‍රමාණයක් එක් කරයි. පසුව එය කිරිපිටි බවට පත් කෙරේ. මීට අමතරව කිරිපිටි නිෂ්පාදනයට වැයවන මුදල අඩු කරගැනීම සඳහා ෆාම්තෙල් එක් කරනු ලබයි. ෆාම්තෙල් යනු ජාන විකෘති ඇති කරන පිළිකාකාරකයකි. කෘත්‍රිම රසායන ද්‍රව්‍ය ගණනාවක්ද පිටිකිරි සෑදීමේදී එක් කරනු ලබයි. ඇතැම් සමාගම් මේ වන විට යෝගට් නිෂ්පාදනය පවා ආනයනය කළ මෙවැනි බාල පිටි යොදා ගනිමින් සිදු කරයි.
දේශීය කිරිපිටි නිෂ්පාදනයේ ඉහත පරිදි පෝෂණ කොටස ඉවත් කිරීමක් හෝ කෘත්‍රිම රසායන එක් කිරීමක් සිදු නොකරයි.