කාලි මෑණියනි ඇත්ත පහදනු මැන – සන්ධ්‍යා

sandyaaඅට වසරකට ඉහත දී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගත් රාජපක්ෂවරුන්ට මේ වනවිටත් දඩුවම් ලැබී ඇති බව ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන මානව හිමිකම් ක්‍රියාධාරිනී සන්ධ්‍යා එක්නැලිගොඩ පවසයි.

“බලයෙන් පහ කරලා. ඒ එක්කම මන්ද මනසික තත්වයට පත් වෙලා ඉන්නවා. ඒ එක්කම මේ ගෝඨාභය අද ලංකාවේ නැ. රටෙන් පැනලා ගිහිල්ලා” යැයි ඇය සඳහන් කළේ “ප්‍රගීත් එක්නැලිගොඩ මතක යාදින්න” මැයෙන් කොළඹ පෑවති අනුස්මරණයකදී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමිනි.

හමුදාව සත්‍යය හංගනවා

කෙසේ නමුත් එම අපරාධය සිදු කළ හමුදාව සත්‍ය සඟවමින් සිටින බවට චෝදනා නැගු ඇය අවධාරණය කළේ ඔවුන්ටද විවිධ දඬුවම් ලැබී ඇති බවයි.

වැරදි කරුවන්ට දඬුවම් හිමිවුයේ කාලි මැණියන්ගේ අනුහසින් බවට ඇය විශ්වාසය පළ කළේ කාලි මැනියන්ට සහ පත්තිනි මැනියන්ට 25 බ්‍රහස්පතින්දා දිනයේ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී දේව කන්නලව් සිදු කරමිනි.

කෙසේ නමුත් තවමත් සත්‍ය හමු නොවු බව පවසන මානව හිමිකම් ක්‍රියාධාරිනී සන්ධ්‍යා එක්නැලිගොඩ සදහන් කරන්නේ ඔවුන් ඇත්ත ප්‍රකාශ කරන තත්වයකට පත්වන ලෙසත් වැරදි කරුවන්ට මීට වඩා දඩුවමක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් අද දින යාදින්න සිදු කරන බවයි.

අද උදෑසන සිට රාත්‍රී හත දක්වා කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී ක්‍රියාත්මක දේව යාදින්න සදහා පසුගිය සමයේ අතුරුදහන්වුවන්ගේ පවුල් වල සාමාජිකයන්ද කිහිප දෙනකු එක්ව සිටි බව ගගන වාර්තාකරු සදහන් කරයි.

ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධ ලිපිගොනු විනාශ කර තිබිය හැකි බවට හමුදාපති මහේෂ් සේනානායක කළ ප්‍රකාශයක් අනුව ඒ තොරතුරු සැඟවීමේ අපරාධයට යුද හමුදාව වගකිව යුතු බව සන්ධ්‍යා මීට ඉහතදී අවධාරණය කර තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.