කැබිනට් ලොකු පුටු තරඟය

Parliamentඅද (20) උදෑසන කාලයේ කැබිනට් මණ්ඩලය රැස්වී ඇති බව වාර්තා වේ. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැබිනට් මණ්ඩලය රැස්වී ඇති අතර රටේ පවතින දේශපාලන තත්ත්වය මෙන්ම හෙට (21) දිනයේ සිදු කිරීමට නියමිතව ඇති කැබිනට් මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර ඇති බව සදහන්ය.  ශ්‍රීලංකා නිදහස පක්ෂය ප්‍රධාන පෙළේ කැබිනට් තනතුරු ඉල්ලා සිටියත් රනිල් වික්‍රමසිංහ ඊට එකඟ නොවන බවයි ආරංච් මාර්ග පෙන්වා දෙන්නේ.

19 වැනි ව්‍යවස්ථා සංසෝධනය අනුව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය පත් කළයුත්තේ අගමැතිවරයා ගේ එකඟත්වය ඇතිවයි. ප්‍රධාන පෙළේ කැබිනට් ඇමති තනතුරු ශ්‍රීලංකා නිදහස් පක්ෂයට පුජා කොට ආණ්ඩු කරනවාට වඩා විපක්ෂයේ සිවීම වඩා යහපත් බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පෙන්වා දෙති. රනිල් වික්‍රමසිංහ මේ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක් ගනු ඇත.

මුදල්, නීතිය හා සාමය, මහාමාර්ග, විදේශ, ආයෝජන ප්‍රවර්ධන, කෘෂිකර්ම, නාගරික සංවර්ධන සහ ජනමාධ්‍ය යන අමාත්‍ය ධුර ඉදිරියේදී වෙනස් වීමට නියමිතය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.