කැමරා ගැලවූ කැලණිය 25කටඅවුරුදු දෙකක පන්ති තහනම්

cctv

කැලණිය විශ්වවිද්‍යාලීය CCTV කැමරා ගැලවීමේ සිදුවීම සම්බන්ධයෙන් හඳුනා ගත් සිසුන් 25 කට වසර දෙකක පන්ති තහනමක් ලබා දී ඇති අතර , CCTV කැමරා පද්ධති නැවත කඩිනමින් සවි කිරීමට ද පියවර ගෙන ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රකාශකයෙක් පැවසීය.

2017/2018 අධ්‍යයන වර්ෂය හෙට දිනයෙන් අවසන් වන බැවින් හෙට පෙ.ව.8 ට සිට කැලණිය විශ්වවිද්‍යාලයේ දළුගම පරිශ්‍රය සියලූම සිසුන්ට තහනම් ප්‍රදේශයක් බවට පත්වේ.

ඒ අනුව හෙට(29) පෙ.ව. 8 ට පෙර සියලූම සිසුන් නේවාසිකාගාරවලින් ඉවත් විය යුතු බවත් පාලානාධිකාරිය දැනුම් දෙයි.

සති අන්ත පශ්චාත් උපාධි පාඨමාලා , ඩිප්ලෝමා පාඨමාලා, සහතික පත්‍ර පාඨමාලා සහ ඊට අදාළ සියලුම විභාග නැවත දැනුම් දෙන තුරු නොපැවැත්වෙන බවත් විශ්වවිද්‍යාල සන්නිවේදන හා මාධ්‍ය ඒකකය දැනුම් දෙයි.

මේ අතරවාරයේ අපරාධ නීති යටතේ ද සැකකාර සිසුන් සම්බන්ධයෙන් කටයුතු කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.