කෑම විස වී ගිනිගත්හේනේ සිසුහු 41 ක් රෝහලේ

Fish Buns

ආහාර විස විමක් හේතුවෙන් හැටන් අධ්‍යපන කලාපයට අයත් ගිනිගත්හේන කළුගල සිංහල මහ විද්‍යාලයේ සිසු සිසුවියන් 41 දෙනෙකු ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කළ බව ගිනිගත්හේන පොලිසිය පවසයි.

එම පාසලේ ඉගෙනුම ලබන සිසුවියන් 11ක් සහ සිසුන් 30 ක් මෙසේ රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.

ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරිවරයා පවසා ඇත්තේ අසාත්මිකතාවය, උදරයේ දැවිල්ල සහ වමනය යන රෝග ලක්ෂණ ඇතිව (31) උදැසන 9.30 ට පමණ සිසුන් පිරිස රෝහලට ඇතුළත් කළ බවයි.

පාසලේ පැවති වාර්ෂික නිවාසාන්තර මලල ක්‍රිඩා උත්සවයේදි ළමුන්ට ආහාරය සදහා මාළු බනිස් ලබා දී ඇති අතර,එම මාලු බනිස් ආහාරයට ගත් ළමුන් වරින් වර මෙසේ රෝහල් ගතකොට තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.