කිඹුලන් කොටු

crocodile

රුහුණු මහා කතරගම ඇසළ මංගල්‍යයට සමගාමීව පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මැණික් ගඟේ සිටින කිඹුලන් අල්ලා යාල වන උද්‍යායනයට මුදා හැරීම වනජීවි නිලධාරීන් විසින් ඊයේ (07) ආරම්භ කළේය. එහිදී අඩි 10ක් පමණ දිග කිඹුලෙකු මැණික් ගඟේ දිය කැපුම් තොටුපලේදී කොටු කර ගැනීමට වනජීවි නිලධාරීන් සමත් විය. නිළධාරින් පැවසුවේ මීට පෙර මෙලෙස උඟුල් අටවා මැණික් ගඟෙන් තවත් කිඹුලන් දෙදෙනෙකු ඇල්ලු බවයි.

දිය නාන ස්ථාන

බැතිමතුන් දිය නාන ස්ථාන කිහිපයකම දැවන්ත කිඹුලන් නිතර ගැවසීම මත වන්දනාකරුවන් මෙන්ම කතරගම ප්‍රදේශවාසින් ද මැණික් ගගේ දිය නෑමට බියක් ඇති කර ගෙන සිටිති. වසරකට කීප දෙනකු කිඹුලන්ගේ ප්‍රහාරයන්ට ලක් වන බැවින් ඇසළ මංගල්‍යට පෙර මේ කිඹුලන් ඇල්ලීම සිදු කර බැතිමතුන්ට දිය නෑම පිණිස වතාවරණය සකස් කිරීම වනජිවි දෙපාර්තමේන්තුවේ අරමුණ වී තිබේ. මේ වනවිට කතරගම මැණික් ගගේ කිඹුලන් 20ක් පමණ දැක ගත හැකිය.වසර කීපයක් පුරා කිඹුලන් ඇල්ලීම නවතා දැමීම මත කිඹුලන්ගේ බෝවීම වැඩි වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.