
සඳහා පනවා ඇති මිල සූත්රයට අනුව කිරිපිටි මිල සඳුදා (09) සිට අඩු වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. කිලෝ ග්රෑම් එකක බරින් යුතු කිරිපිටි පැකට්ටුවක් රුපියල් 40කින්ද ග්රෑම් 400 බරින් යුත් කිරිපිටි පැකට්ටුවක් රුපියල් 15කින්ද අඩු කිරීමට තීරණය වී තිබේ.
ඒ අනුව දැනට රුපියල් 865ක් ව පවතින ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 835 දක්වා ද දැනට රුපියල් 345ක්ව පවතින ග්රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 325 දක්වා ද අඩු කිරීමට නියමිතය.
රජය විසින් වැඩ් බද්ද සියයට 8 දක්වා පහත දැමීම හේතුවෙන් මෙලෙස මිල අඩු වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. හෙට 09 සිට නිෂ්පාදනය කර වෙළෙඳපොළට නිකුත් කරන කිරිපිටි සඳහා මෙම මිල ක්රියාත්මක බව අධිකාරිය කියා සිටියි. දැනට වෙළෙඳපොළේ ඇති කිරිපිටි පැකට්ටුවේ ඇති මිලටම අලෙවි කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.