කෘෂිකර්මයේ නිලධාරීන්ට සබීතාගේ ගොඩනැගිල්ලෙන් අයින් වෙන්න හිතක් නෑ

Agriculture Department Building Rajagiriya

කෘෂිකර්ම අමාත්‍යංශය රංගන ශිල්පිනී සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් රාජගිරියේ පිහිටි ඩී.පී.ජේ ගොඩනැගිල්ලෙන් ගොවිජන මන්ධිරය වෙත ගෙනයාමට කැබිනට් මණ්ඩලය තීරණය කලත් ඇතැම් නිලධාරීන්ට එතැනින් අයින් වෙන්නට හිතක් නැත.

එම ගොඩනැගිල්ලේ කුලිය නම් ලෙහෙසි පහසු නැත මාසයකට රුපියල් ලක්ෂ 200 කි. කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා ඇතුලු නිලධාරීන් පිරිසක් එම අමාත්‍යාංශය රාජගිරිය පෞද්ගලික ගොඩනැඟිල්ලේ සිට ගොවිජන මන්දිරයට රැගෙන යාම සඳහා ගත් තීන්දුවට අනුව කටයුතු නොකරන බවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා චෝදනා කරයි.

ඔහු තවදුරටත් කියා සිටියේ අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් එසේ කටයුතු නොකරන්නේ නම් තමන් රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.