කෙටිකතාකරු සත්කුමාර වෙනුවෙන් එක්සත් ජාතීන්ට පෙත්සමක්

shakthi sathkumara

කෙටිකථාවක් ලිවීම නිසා අධිකරණයට ඉදිරිපත් කොට සිටින ශක්තික සත්කුමාර වෙනුවෙන් ජාත්‍යන්තර සංවිධාන දෙයක් වන Feedom Now and Proskauer Rose LLP එක්සත් ජාතික සංධානය වෙත පෙත්සමක් ඉදිරිපත් කොට ඇත. පුරා මාස හතරක් තිස්සේ ඔහු බන්ධනාගාර ගත කොට තිබීම මූලික අයිතිවාසිකම් අහිමි කිරීමක් බවයි මෙම සංවිධාන කියාසිටින්නේ.

ඔහුට නඩු පවරා ඇත්තේ International Covenant on Civil and Political Rights නීතිය යටතේය. මානව හිමිකම් සුරැකීම සඳහා පනත නීතියක් හා පුද්ගලයෙකුගේ අදහස් ප්‍රකාශනය කිරීමේ අයිතිය සීමා කිරීම සඳහා භාවිතා කිරීම ගැටළුවක් බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

මේ සත්කුමාර පිළිබඳ තබන ලද සටහනකි

” නිර්මාණකරුවා ගත්තාම ඔහුට ආගමක් හෝ ධර්මයක් හෝ රටක් ජාතියකට වඩා ඔහු විශ්වීය පුද්ගලයෙක් විය යුතුයි… ඔහුට මුළු ලෝකයම තනි යායක් විදියට දැකීමේ හැකියාවක් තියෙන්න ඕනේ. අද වෙලා තියෙන්නේ ඕනෑම දෙයක් දකින්නේ තමන්ට ඕන විදියට. නිර්මාණකරුවෝ වෙනස් වෙන්න ඕනේ.”

මේ ශක්තික සත්කුමාර හෙවත් පසුගිය කාලයේ වැඩියෙන් කතාබහට ලක් වූ කෙටිකතාකරුවා රූපවාහිනී වැඩසටහනටකට එක්වී නිර්මාණකරණය, නිර්මාණකරුවන් පිළිබඳව දැක්වූ අදහසයි. එසේ කී ශක්තික සිය පරිගණකය ඉදිරියට ගොස් මුහුණු පොතට කෙටි කතාවක් එක් කළ වරදට, සිර කූඩුවක කූරු ගණන් කිරීමට සිදු වී ඇත. ඒ “අර්ධ” නමැති කෙටිකතාව නිසාය.

`අර්ධ` කියවීමට පෙර `ශක්තික` කියවමු.

කවුද මේ ශක්තික ?

සම්මත අධ්‍යාපනික සුදුසුකම් අනුව; ශක්තික සත්කුමාර කැළණිය විශ්ව විද්‍යාලයේ සිංහල විශේෂවේදී (ගෞරව) උපාධිධාරියෙකි. කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමාධාරියෙකි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා සන්නිවේදන ඩිප්ලෝමාධාරියෙකි. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බුද්ධ ධර්මය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.