කොටකෙතන සැඟවුණු අභිරහස

 

 

 

KOTAWපසුගිය අප්‍රේල් 4 වන දා මේ නිවසේ හැවිරිදි කාන්තාවගේ ඝාතනයට සැකපිට ඇයගේ ම පුත්‍රයා අත්අඩංගුවට ගැනිණ.

සිය මව ඝාතනය කළා යැයි සැක කෙරන පුතුගේ ඇඳට ඉහළින් ඔහු අලවා ඇති ඡායරූපයෙන් දැක්වෙන්නේ, මහාමායා දේවිය සිදුහත් කුමරුට උපත දුන් අවස්ථාව දැක්වෙන සිතුවමකි.

අනතුරුව නිව්ස්ෆස්ට් කණ්ඩායම පසුගිය දා සැකකරුවන් නිදොස්කොට නිදහස් කෙරුණු ද්විත්ව ඝාතනය සිදුවූ ස්ථානයට පිටත්ව ගියේ ය.

කොටතෙත ගම්මානයේ ඇවිද ගිය අපට කාන්තා ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව මුදා හැරුණු කිහිපදෙනෙකු හමු විය.

 

 

[vsw id=”/f3bCDSBvGIM” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

ඔවුහු එහිදී අප වෙත මෙලෙස අදහස් පළ කළහ.

කට උත්තරේ ලිව්වා ලියලා ඉවරවෙලා බැලුවාම බලලා කිව්වා. මේක මම පිළිගන්නේ නෑ කියලා. ඕකට අත්සන් කරහං කිව්වාම මම කිව්වා බෑ කියලා ඒ පාර මට එකක් ගැහුවා.

පළවෙනිපාර කඩේ ළඟ දි අරං ගියා අත් දෙකයි කකුලුයි ගැට ගහලා සතියක් තියාගෙන හිටියා. දවස් 4 ක් කොහේ තියාගෙන හිටියද කියලා දන්නේ නෑ. මැරුවා කියලා බාරගනින් කියලා කියන්නේ ගුටිකන්න ඕන නෑනේ බං කියහං කරා කියලා මාස තුනෙන් එළියෙනේ බං ඉති ඔය නැති මිනිස්සු නිකං භාර ගන්නවා

කුඩු කේස් එක තමයි තාම මේ යන්නේ මේ අපේ කොල්ලොන්ට භාරගන්න කියලා තියනවා මගේ මල්ලිට මිනීමරුම භාරගන්න කියලා තියනවා ඊට පස්සේ තමයි මගේ මල්ලිව අතුරුදහන් කළේ

ගිහිල්ලා ගහලා ඉවරවෙලා කිව්වා. මේක භාරගනින් මේකේ උඹ ඉන්නවා මුල්ලක නැත්තේ නෑ. මේක භාර ගනින් මාස 06 න් උඹලා එළියේ සාක්ෂි අපි දෙන්නම් කියලා. භාර ගනින් මේ මිනීමැරුම් ටික මට මාංචු දාලා

මේ අතර කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ සිදු වූ ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මුදා හැරි පුද්ගලයින් සිදු කරන කරන ප්‍රකාශ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසීමක් කළේ ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, එම ප්‍රකාශවල සත්‍යතාවක් නොමැති බව ය.


 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.