කොත් කැරැල්ලේ තිබූ චූඩා මාණික්‍යය අතුරුදහන්

chetiyaදඹුල්ල – ලග්ගල ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටි දඹුල්ල, උනපඳුරුයාය ශ්‍රී බුද්ධ ජයන්ති විහාර චෛත්‍යයේ කොත් කැරැල්ලේ තිබූ ලක්‌ෂ එකහමාරක් වටිනා චූඩා මාණික්‍යය ලණුවක ආධාරයෙන් චෛත්‍යයට නැග ගත් පිරිසක් විසින් හොරකම් කොට ඇත.

07 වැනි දින රාත්‍රියේ විහාරාධිපති හිමියන් මහියංගණයට ගොස් ඇති අතර විහාරස්‌ථානයේ සිට ඇත්තේ කුඩා සාමනේර හිමිනමක පමණක්‌ බව පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත. චෛත්‍යයට නැඟ ගැනීමට භාවිතා කළ ලණුවේ කොටසක්‌ පොලිසියට හමුවී ඇත.

සිද්ධිය වූ දිනට පෙර දින පස්‌වරුවේ (06 වැනිදා) නාඳුනන පුද්ගලයකු විහාරස්‌ථානයට පැමිණ තොරතුරු සොයා බලා ඇති බව පැවසුට ද විහාරාධිපති හිමියන් කියා සිටියේ අසළ පන්සල් වන. මහවෙල හා ගලේවෙල චූඩා මාණික්‍යය සොරා ගෙන තිබුන බව නාහිමි යෝ පැවසුහ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.