කොරෝනාව මැඩලන්න කටුනායක සූදානම්

coronavirus

චීනයේ වුහාන් නගරයෙන් වාර්තා වූ බරපතළ පෙනහලු රෝග ඇති කිරීමට හේතුකාරක වන වෛරසය හේතුවෙන් ඇති විය හැකි රෝග තත්ත්වයන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර නිවේදනය කළේ, එම රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් ලංකාවට පැමිණෙන්නේ දැයි හඳුනාගැනීමට ක්‍රියා කරන ලෙසට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිහිටි සෞඛ්‍ය ඒකකය දැනුවත් කර ඇති බවය.

මේ අතර, නව කොරෝනාවෛරස් රෝගය නිසා විදේශ ගමන් බිමන් සඳහා සීමාවක් පැනවීම අවශ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති අතර, වර්තමාන තත්ත්වය අනුව ශ්‍රී ලාංකිකයින් ද තම ගමන් බිමන් සීමා කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ජීවිතක්ෂයට

විද්‍යාත්මකව මීට පෙර හඳුනා නොගත් වෛරසය තවත් රටවල් දෙකකින් හඳුනාගෙන තිබේ. පසුගිය දෙසැම්බර් මාසයේදී හඳුනා ගැනුණු මෙම වෛරසය හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වී ඇත.

මෙම වෛරසය ආසාදිත වූ පුද්ගලයින් 400 දෙනෙකුට අධික සංඛ්‍යාවක් පිළිබඳව තහවුරු කර ඇති අතර, එක්සත් රාජධානියේ විශේෂඥයින් ඇස්තමේන්තු කර ඇත්තේ වෛරසය ආසාදිත පුද්ගලයින් 1700කට ආසන්න සංඛ්‍යාවක් සිටිය හැකි බවටය.

මේ වෛරසය තාවකාලික වසංගත තත්ත්වයක් ද එසේ නැතහොත් වඩාත් අනතුරුදායක තත්ත්වයක පළමු සංඥාව විය හැකි ද? යන්න උභතෝකෝටික ප්‍රශ්නයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.