කොරෝනාව මැඩලීමට සාධනීය පියවර රැසක්

සිංහලේ අපි මුඛ ආවරණ ලබාදෙයි

සිංහලේ අපි ජාතික සංවිධනයේ විදේශගත සාමාජික පිරිස විසින් සංවිධනය වෙත පරිත්‍යාග කළ මුඛාවරණ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ජාතික රෝහල අසල බෙදා දී ඇත. අලුත් පියාපත් රෝහල් කාර්ය මණ්ඩලවලට ආරක්ෂිත ඇඳුම් ලබා දේ.

දිවයින පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් යන කොරෝනා (කෝවිඩ්-19) වසංගත තත්වයට ගොදුරු වූ රෝගීන්ට ප්‍රතිකාර කරන උතුරු කොළඹ (රාගම) ශික්ෂණ රෝහල් කාර්ය මණ්ඩලය වෙත ආරක්ෂිත ඇඳුම් කට්ටල ප්‍රදානය කිරීම ‘අලුත් පියාපත්‘ තරුණ සංවිධානය විසින් අද (21) දින සිදු කෙරිණි.

මුල්ලේරියාව රෝහලේ ඇඳන් විසිහතරක් කොරෝනා රෝගීන් සඳහා වෙන්කොට ඇති බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසයි. රෝහල් කාර්ය මණ්ඩලයට විශේෂ ප්‍රවාහන සේවා සපයා ඇති බවත් ඇය පැවසීය.

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කොටසක්ද කොරෝනා වෛරසය ආසාදිත මවුවරුන් වෙනුවෙන් වෙන් කොට ඇත එසේම කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ රෝහලේ දැඩිසත්කාර ඒකකය ද කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් වෙනුවෙන් වෙන් කරන බව වෛද්‍ය අනිල් ජාතික පැවසීය.

ධම්මික පෙරේරාගෙන් රුපියල් කෝටි හතක්

කොවිඩ් 19 හෙවත් නව කෙරෝනා වයිරසය ව්‍යාප්තිය වැළැක්වීමේ රජයේ ක්‍රියාවලියට සහාය දක්වමින් ඊට අදාළ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා පහසුකම් වෙනුවෙන් ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා සිය පෞද්ගලික ධන පරිත්‍යාග යටතේ. කොළඹ අයි.ඩී.එච් රෝහලේ වැඩිහිටි සහ කුඩා ළමුන් සඳහා අවශ්‍ය රෝහල් ඇඳන් 485ක් , එහි දැඩි සත්කාර ඒකකය සඳහා ඇඳන් 169 ක් සහ දැඩි සත්කාර ඒකකයේ ස්වසන ක්‍රියාකාරකම සඳහා අවශ්‍ය වෙන්ටිලයිසර් උපකරණ 6 ක් ද ලබා දෙන බව කියා සිටී.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.