
නව කොරෝනා වෛරසය අසාදනය වී අංගොඩ ජාතික බෝවන රෝග ආයතනයේ ප්‍රතිකාර ලබමින් සිටින චීන ජාතික කාන්තාව මේ වන විට සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ වන විට එම කාන්තාවගේ ශරීරයෙන් විෂබීජ සම්පූර්ණයෙන්ම හරණය වී ඇති බවයි.
ජනාධිපතිගේ චීන සංචාරය අවලංගුයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීනයේ සංචාරය කිරීමට නියමිතව සිටියත් එම කටයුත්ත දැන් අවලංගු කොට ඇතැයි විදේශ අමාත්‍යාංශය අතිරේක ලේකම් ජනරාල් ජයන්ත කොළඹගේ උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා පලවී තිබේ.
ගුවන් මෙහෙයුම සාර්ථකයි
වුහාන් ගුවන්තොටපොලට සියලුම ගුවන් යානා පැමිණීම නවතා තිබිය දී මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීමට හැකි වූ බව ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි පැවසුවාය
‘ශ්‍රී ලංකා ගුවන් සමාගම වෙනුවෙන් එම කටයුත්තට නිර්භයව ඉදිරිපත් වුන 16 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයට, ඔවුන්ට ආරක්ෂිත සෞඛ්‍ය උපදෙස් හා පුහුණුවීම් ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙ කාර්ය මණ්ඩලවටත්, ගුවන් හමුදාවේ හා යුද්ධ හමුදාවේ සියලුම නිලධාරීන්ටත් අප ස්තූතිවන්ත වෙනවා. අපේ ජාතියට රටට තියෙන මේ ගුවන් සමාගම මිට කළීන් පිරිස් විකුණන්න හැදුවා. එහෙම වුණා නම් අද අපි මෙම කටයුත්තේ දී මහත් අපහසුතාවයට පත් වෙනවා’ යැයි ඇය වැඩි දුරටත් පැවසුවාය.