කොරෝනා වෛරසය පිළිබඳව ගෝලීය හදිසි තත්ත්වයක් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කරයි

health

කොරෝනා වෛරසය පිළිබඳව ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදුකොට තිබේ. ජිනීවාහි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ පිළිබදව අදහස් දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රස් ගෙබ්රියේසස් ප්‍රකාශ කළේ චීනය තුළ පවතින තත්ත්වය පමනක් නොව වෙනත් රටවලට කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානම සැලකිල්ලට ගෙන මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශකොට ඇත්තේ මේ වනවිට රටවල් 18කින් රෝගීන් 98 දෙනෙකු වාර්තා වී ඇති බවයි. නමුත් වෙනත් රටක කිසිදු පුද්ගලයෙකු කොරෝනා වෛරසය නිසා මියගිය බවට වාර්තා වී නොමැත. නමුත් චීනය තුළ පමණක් මේ වනවිට 213 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.