කොරෝනා වෛරස් ආසාදනයක් ගැන සාක්ෂි නැහැ

කොළඹ IDH රෝහලට කොරෝනා වෛරස් ආසාදනයක් පිළිබඳ සැකයක් සහිතව ඇතුලත් කළ රෝගීන් දෙදෙනා හට එවැනි ආසාදනයක් නැති බව මූලික පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. වෛද්‍ය පර්යේෂණ ආයතනය අධ්‍යක්ෂ ජයරුවන් බණ්ඩාර පැවසුවේ වැඩිදුර පර්යේෂණ පැවැත්වෙමින් තිබෙන බවයි.

හතළිස් තුන් හැවිරිදි කාන්තාවක් අහුන්ගල්ලේ සංචාරයක නිරතවෙමින් සිටියදී උණ සහ තවත් රෝගී තත්ත්වයන් කිහිපයක් ඇතිව රෝහලට ඇතුළත් කරන ලදී.

දෙවන රෝගියා පිළිබඳ තොරතුරු හෙළිදරව්ව නැත එහෙත් මීට පෙර තවත් චීන දරුවෙක් රෝහලට ඇතුළත් පසුව ප්‍රතිකාර කොට පිටත් කොට ඇත.

මේ වන විට වෛරස නේපාලයට පැතිරී ඇති නමුත් බිය වීමට හේතුවක් නැතැයි බෝවන රෝගවලට ප්‍රතිකාර කරන IDH රෝහලේ වෛද්‍ය හසිත අත්තනායක පවසයි. මේ වන විට මෙම වෛරසය ආසාදිත වුවන් 56ක් පමණ දෙනා මිය ගොස් ඇත. ආසියාව ඇමරිකාව සහ යුරෝපය රෝගීන් මේ වනවිට හමුවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.