කොරෝනා වෛරස ආසාදිතයින්ගේ ගණන ඉහළට

corona patient

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකසහිත රෝගීන් 23දෙනෙකු පසුගිය 24වදා සිට කොළඹ IDH රෝහලට ඇතුලත් කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

වසංගත වල ස්වරූපය අනුව මුල් කාලයේදී වේගවත් පැතිරීමක් සිදු වේ.
මෙම රෝගීන්ගෙන් 8දෙනෙකුගේ සාම්පල පරීක්ෂා කිරීම සඳහා යොමු කර ඇති අතර එයින් තිදෙනෙකුගේ වාර්තා මේ වන විට ලැබී ඇති අතර තවත් පස්දෙනෙකුගේ වෛද්‍ය වාර්තා ලැබීමට නියමිතව ඇති බව වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය. කොළඹ IDH රෝහලට වෙනත් රෝග සඳහා ඇතුළු මම රෝගීන් රෝහලෙන් ඉවත් වෙන්නට පටන් ගෙන තිබේ.

ශ්‍රී ලාංකික සිසුන් 380 ක්
චීනයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 380 ක් මේ වනවිට ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇතැයි චීනයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති කේ.කේ.යෝගානන්ද මහතා පැවසීය.

සංචාරක ක්ෂේත්‍රය දැනුවත් කිරීම
කොරෝනා වසංගතය පිළිබද මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සියලුම පාර්ශව දැනුම්වත් කිරීමට පියවර ගත් බවත්, සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ එක්ව මේ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් සිටින්නේ සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (29) පැවසීය.

ඒ අනුව හෝටල් හා ලැගුම්හල් හිමියන් හා සේවකයන්, සංචාරක මග පෙන්වන්නන් සංචාරක කුලී රථ රියදුරන්, සංචාරක ත්‍රී රෝද රථ රියදුරන්වද දැනුවත් කරන බවද අමාත්‍යවරයා කියා සිටි.

මේ අතර කොරෝනා අසාදිත චීන කාන්තාව රැදී සිටින බව කියන හෝටල්, ඇය ගැවසුණු ස්ථාන, ඇය ඇතුළු කණ්ඩායමට මග පෙන්වු අය පිළිබද සියලු තොරතුරු මේ වන විට සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශය මගින් සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දී තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදංචි වී ඇති හෝටල් සංඛ්‍යාව 2000කට ආසන්න වුවද එම අධිකාරියේ ලියාපදිංචි නොවු හෝටල් හා සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ ලැගුම්හල් හා වෙනත් ආයතන 2000 ක් පමණ රටපුරා ව්‍යාප්ත වී තිබෙන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.