කොරෝනා සර්පයින්ට ගෝනුස්සන්ට සහ වවුලන්ට අභය දානය ලබා දෙයි

chinese

වවුල් සුප් ඇතැම් චීන ජන කොටස්වලට රසවත් පානයකි. සර්ප මස, ගෙඹි කකුල්, මොනර මාංශය මේ ආදියත් රසවත් ආහාරය.

නව කොරෝනා වෛරසය මිනිස් සිරුරට මුලින්ම ඇතුළු වන්නට ඇත්තේ චීනයේ වූහාන් පළාතේ ඇති මත්ස්‍ය හා මාංශ වෙළඳපොළකින් බවට විද්‍යාඥයෝ සැක කරති. සතුන් අතර දුර්ලභ සර්පයන්, ඉත්තෑවන් සහ රැකූන් ආදී සත්ව වර්ග බොහොමයක් කූඩුකර තිබුණි.

දැන් කියන ජනතාව තමන්ගේ ආහාර ගැන යළිත් කල්පනා කරමින් සිටින බව වාර්තා වේ. චීන බලධාරීන් වන සතුන් වෙළඳාමට තාවකාලික තහනමක් පැනවීමට හේතු වූයේ ද මෙම නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියයි.

පළමුවන විත්තිකරු

පළමුව විත්තිකරුවා වවුලාය.ලෝ සතුන් අතර දුර්ලභ සර්පයන්, ඉත්තෑවන් සහ රැකූන් ආදී සත්ව වර්ග බොහොමයක් කූඩුකර තිබුණි.ක සෞඛ්‍ය සංවිධානයේ බලධාරීන් පවසන්නේ වෛරසය මුලින්ම පැමිණෙන්නට ඇත්තේ වවුලන්ගේ සිරුරෙන් බවය. නමුත් එය සෘජුව ම මිනිස් සිරුරට ආසාදනය වන්නට පෙර තවත් අතරමැදි සතෙකු සිටින්නට ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.

කොටියාගේ වෘෂණ කෝෂ සහිත සුප්

චීනයේ ඇතැම් ආපන ශාලා ‘වවුල් මාංශ සුප්’ වැනි ආහාර ද අලෙවි කරයි. එම සුප් බඳුන මත, පිසින ලද සම්පුර්ණ වවුලා තබා ඇත. කොටියාගේ වෘෂණ කෝෂ සහිත සුප්, එමෙන්ම කලවැද්දාගේ දේහ කොටස් සහිත ආහාර ද ඇතැම් ආපනා ශාලා තුළ අලෙවි කෙරේ.

තෙලින් බදින ලද නාගයන්, තම්බන ලද වලස් පාද, කොටි අස්ථි යොදා ගනිමින් තනන ලද වයින් වර්ග ද ඉහළ පෙළේ ආපන ශාලාවල කෑම ලයිස්තුවේ පවතී.

පැල්පත් සහිත ප්‍රදේශවල පවතින මාංශ වෙළඳපොළ තුළ මීයන්, පූසන්, සර්පයන්, මෙන්ම පක්ෂීන් වර්ගද අලෙවි කෙරේ. ඇතැම් විට මෙම සත්වයන් වඳවී යාමේ තර්ජනයට ලක් වී සිටින සත්ව ගණයට අයත් වේ.

මෙවැනි ආහාර ගැනීම සාම්ප්‍රදායිකව සහ සංස්කෘතික වශයෙන් සැලකෙන්නේ තමන් ලද මහඟු අවස්ථාවක් ලෙසිනි.

ඇතැම් වන සත්ව මාංශ චීන වෛද්‍ය ක්‍රමය අනුව වර්ගීකරණය කර ඇත්තේ වඳ භාවයට, ආතරයිටීස්, රක්තවාතය වැනි රෝගවලට ප්‍රතිකර්ම ලෙසිනි.

චීන වෙදකමට රයිනෝසිරස් ගේ අඟ බහුල ලෙස යොදා ගැනීම නිසා හොඳ වෙළඳ පොලක් ඇතිවීම, එම සත්වයා වඳවී යාමේ තර්ජනයට ලක්වීමට ප්‍රධාන හේතුවක් විය.

විවිධ ආහාර මූලාශ්‍ර

මේ සියල්ල සිදුවන්නේ මිනිසාට ඇතිවන ආසාදනයන්ගෙන් 70%ක් ම සතුන්ගෙන් සංක්‍රමණය වූ ඒවා බවට ඇස්තමේන්තු කර තිබියදී ය.

මේ වන විට වන සතුන් වෙළඳාම චීනය තාවකාලික තහනමක් පනවා ඇත. කෙසේ වෙතත් වූහාන් නගරයේ සිට lankanewsline වෙත කතා කළ ධම්මික උක්වත්තගේ පැවසුවේ වෛරස බිය පවතින තෙක් මේ තහනම ක්‍රියාත්මක කළ හැකි වුවත් දිගුකාලීනව මේ තහනම ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නොවන බවයි.

විශාල ජනගහනයක් සිටින චීනය වැනි රටක විවිධ ආහාර මූලාශ්‍ර සොයාගෙන යෑම ස්වභාවිකව සිදුවන බවයි ඔහු පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.