කොළඹ, ගම්පහ, කළුතර අවදානම් කලාප බවට පත් වූයේ ඇයි?

Risk Zones

කොරෝනා හෙවත් COVID -19 වෛරස ව්‍යාප්තිය සලකන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස කිරීමට ප්‍රධාන හේතු දෙකක් බලපා ඇත.

පළමුවැන්න නම් මේදිස්ත්‍රික්ක 03ක ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද උදේ ලිහිල් කළ අවස්ථාවේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව වෙළෙඳ සැල් අසල විශාල ලෙස රැස්වී සිටීම කොරෝනා වෛරසය පාලනයට බරපතල බාධාවක් බව සෞඛ්‍ය බලධාරීන් නිරීක්ෂණය කර තිබීමයි.

ප්‍රජාව අතරේ (community spread) ආරම්භ වී ඇති මේ අවස්ථාවේදී මෙයාකාරයට අධික ලෙස ජනගහනය එක්රැස් වූහ. කෙසේ සිදුවන්නේ දැයි වටහා ගත නොහැකිවනු අතර පාලනය අති දුෂ්කර වනු ඇත.

දෙවැන්න නම් වැඩිම කරන ආසාදිත ඉන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ මේ දිස්ත්‍රික්කවලින්. අනෙක් අතට අධික ජන සංකේන්ද්‍රණ නිසා ජනතාවටද විශාල වශයෙන් එක්රැස් නොවී තමාගේ අවශ්‍යතා ඉටුකර ගත නොහැක. මෙහි දිස්ත්‍රික්ක තුන අවදානම් කලාප බවට පත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකක් පමණ නැවත දන්වන තුරු ඇදිරි නීතියට යටත් ව සිටිති.

මේ තත්ත්වය හේතුවෙන් ආසාදනය පැතිර යාම වළක්වා ගැනීමට වැඩි ඉඩක් ලැබේ. මෙම කලාපයට සේවා සැපයීම සඳහා කාර්ය බල කාර්යය සාධක බලකායක් පත් කොට ඇති අතර එහි ප්‍රධානියා වන්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂය.

හෙට පටන් වාහන පෙළක් සමග කාර්යයට අත ගැසීමට බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් මේ වන විටත් සාකච්ඡා කරමින් සිටිති. අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නිවාසවලටම ගෙන ගොස් අළෙවි කරන වැඩපිළිවෙළට සතොස, කීල්ස්, ලාෆ්ස්, ආපිකෝ, ෆුඩ් සිටි, අරලිය, නිපුණ යන සමාගම් එක්ව සිටින අතර ඔවුන්ට විවිධ ප්‍රදේශ වෙන් කිරීමට නියමිතය.

ඉදිරියට අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතින අතර ඇඳිරි නීතිය කඩකරන්නන්ට එරෙහිව දැඩි ලෙස පියවර ගැනීමට නියමිතය. ඖෂධහල් විවෘතව තැබීමට පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.