කෝටි එක හමාරක කල් ඉකුත් වූ ඒ බඩු වටලයි – වෙළඳසැල් තාමත් විවෘතයි

caravan

මෙරට සංචාරක හෝටල් වලට සහ ආපන ශාලා වලට කේක් සහ කෙටි ආහාර සපයන ප්‍රමුඛ පෙළේ සමාගමකට අයත් වත්තල හැදල ප්‍රදේශයේ පිහිටි ගබඩාවක් වටලා කල් ඉකුත් වූ කේක් සහ බේකරි අමුද්‍රව්‍ය කිලෝ 17,500 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

වත්තල හැඳල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන මදීනා ෆුඩ්ස් පුද්ගලික සමාගමේ ගබඩා පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම ආහාර තොගය සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ප්‍රකාශ කරයි. මෙම ආයතනයේ බේකරි නිෂ්පාදන කැරවෑන් නමින් රට පුරා බෙදාහරින අවන්හල් ජාලයකින් යුක්තය.

මේ සම්බන්ධයෙන් කැරවෑන් කේක් වෙළඳසැලකට කතා කළ විට ඒත් ඒ වගේ පැවසුවේය එවැනි වැටීමක් ගැන තමන්ට ආරංචි වී ඇති නමුත් තමන්ගේ වෙළඳසැල විවෘතව ඇති බවයි. අත්අඩංගුවට ගත් අමුද්‍රව්‍ය වල වටිනාමක රුපියල් කෝටි 1 1/2 ට අධික බව එම අධිකාරිය පැවසීය.

මෙම ස්ථානය වටලන අවස්ථාවේ එහි සේවකයන් පිරිසක් කල් ඉකුත් වූ අමුද්‍රව්‍ය වල ලේබල් ඉවත් කර ඒවා සඳහා නව ලේබල් අලවමින් සිටි බවද පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම ස්ථානය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියට ලැබුණු තොරතුරක් මත ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරි ඒකකය හා විශේෂ කාර්ය බලකාය එක්ව අද (02) මෙම වැටලීම සිදුකර තිබිණි.

මෙම ස්ථානයේ තිබී අත්අඩංගුවට ගත් කස්ටඩ් පවුඩර්, පාන් සෑදීමට ගන්නා වෝල් කොර්න්, මෆින් මික්ස්, ප්‍රේස්ට්‍ර් සඳහා භාවිතා කරන බටර් වර්ග, සමෝසා සෑදීමට ගන්නා පිටිවලින් සෑදු ෂීට්, කේක් සැරසිලි අමුද්‍රව්‍ය, වැනිලා, ඇපල් බීම, වර්ග තිබූ බවත් මේවා 2019.5.13 දින හා 2019.12.06 කාලය අතර කල් ඉකුත් වූ ඒවා බවද පාරිභෝගිය අධිකාරි පවසයි.

මෙම ප්‍රධාන පෙළේ ආයතනය ආහාර නිෂ්පාදන සහ අවන්හල් ජාලයක් පවත්වාගෙන යාමට අමතරව බේකරි නිෂ්පාදන සහ කේක් අමුද්‍රව්‍ය ඇමරිකාව, ඩුබායි, ජර්මනිය, යන රටවල් වලින් ආනයනය කර වෙළෙඳ පොළට හා සංචාරක හෝටල් වලට සැයපීම සිදුකරන බවට විමර්ශණයේ දී හෙළි වු බවද පාරිභෝගිය අධිකාරිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.