ගජ මිතුරු ආර්ථිකය පරදවා සමාජ මිතුරු ආර්ථිකයක් හදමු – ජනපති

maithripala-sirisena-1ගජ මිතුරු ආර්ථිකය පරදවා, සමාජ-මිතුරු ජනතා හිතවාදී ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (08) ආරම්භ වූ නව පාර්ලිමේන්තු සැසිවාරයේදී රාජාසන කතාව සිදුකරමිනි.

එසේම මැදි ආදායම් රටක් ලෙස, නව තාක්ෂණය පදනම් කරගත් අපනයන කර්මාන්ත ක්ෂේත‍්‍රයක් පිළිබඳව අවධානය යොමු කිරීමට කාලය පැමිණි තිබෙන බව අවධාරණය කලේය.

උතුරු නැගෙනහිර ජනතාවගේ නොසන්සුන්තාව ස්ථිර වශයෙන් සමනය කිරීම සඳහා ජනතාවගේ කැමැත්ත හා එකඟත්වය මත කිසියම් දේශපාලන වැඩපිළිවෙළක් අවශ්‍ය වන බව මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

යුද මානසිකත්වය ඉවත් කර සහජීවනය ස්ථාපිත කිරීම ආණ්ඩුවකට පමණක් එය තනිව ඉටු කිරීම අසීරු බැවින් ඒ සඳහා දායක වන්නැයි සියළු පාර්ශවයන්ට ජනාධිපතිවරයා විසින් ආරාධනා කලේය.

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයට අත්සන් තැබීමෙන් අනතුරුවයි.

පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණි ජනාධිපතිතුමාව පිළිගනුලැබුවේ කථානායක කරු ජයසූරිය මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දිසානායක මහතා විසිනි. එසේම හමුදා වෙඩි මුර 21 ක් පත්තු කොට ජනාධිපතිවරයාට හමුදා ආචාරය පුද කලේය.

එසේ ආරම්භ වූ අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයේදී ජනාධිපතිවරයා විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙවත් රාජාසන කතාව ද සිදුකරනු ලැබීය.

2018 අප්‍රේල් මස 15 වන දින නිකුත් කරනු ලැබූ අති විශේෂ ගැසට් නිවේදනය මගින් ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප‍්‍රකාරව, අටවන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අවසන් කලේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.