ගල් කැඩීමට නීති විරෝධී අනුමැතියක්…………………….

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපති තුමන්ගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අංක 08/2017 දරන කැබිනට් පති‍්‍රකාව ම`ගින් මහවැලි අධිකාරියට හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රජයේ වනාන්තර ඉඩම් වලින් සංවර්ධන කටයුතු ස`දහා අවශ්‍ය පස්, කළුගල්, බොරලූ හා වැලි ලබා ගැනීමට 2017 මාර්තු 21 වන දින කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

සංවර්ධන කටයුතු සදහා මෙන්ම යටිතල පහසුකම් ගොඩනැංවීමේ දී භාවිතා වන මෙම අමුද්‍රව්‍ය වලට අධික ඉල්ලූමක් පවතින බැවින් රක්ෂිත ලෙස ප‍්‍රකාශයට පත් නොකළ රජයේ වනාන්තර ඉඩම් වලින් මේ ද්‍රව්‍ය ලබා ගැනීම ස`දහා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියට අනුව යෝජිත රක්ෂිත හා රජයට අයත් වනාන්තර බිම් අවශේෂ කැලෑ ලෙස පාලනය වේ. එම වගන්තියට අනුව රජයේ අවශේෂ වනාන්තරයක පස්, වැලි, බොරලූ හා කළු ගල් කැනීම නීති විරෝධී ක‍්‍රියාවකි. එවන් නීති විරෝධි ක‍්‍රියාවක නිරත ව සිටින පුද්ගලයෙකු හෝ ඒ සදහා අධාර හෝ අනුබල ලබාදෙන පුද්ගලයෙකු වරදකරුවකු වේ. එවන් ක‍්‍රියාවක නිරතවන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන මහේස්ත‍්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කළ හැකි අතර එහි දී වරදකරුවකු කරණු ලැබූ විට වසර 2 ක් නොයික්මවන කාලයක් ස`දහා බන්ධනාගාර ගත කිරීමක් හෝ රුපියල් 5000 ත් 50000 ත් අතර දඩයකට හෝ මේ දෙකටම යටත් කළ හැකි ය. ඊට අමතර ව වනාන්තරයට සිදු කරණ ලද හානිය සදහා අධිකරණය මගින් නියම කරණ දඩයකට ද යටත් කළ හැකි ය.

මෙවන් නීතිමය තත්ත්වයන් යටතේ රජයේ වනාන්තර බිම් පාලනය වෙද්දී ඒවායේ නීති විරෝධී ලෙස කළුගල්, පස්, බොරලූ හා වැලි කැනීමට කැබිනට් අනුමැතිය ලබා දීම නීති විරෝධී කි‍්‍රයාක් බව පරිසරවේදීන් පෙන්වා දෙති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.