ගානියර් මාධ්‍ය ඇමතුවේ කුමකටද?

පැහැරගැනීමට ලක් වූ බව කියන කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස් මාධ්‍යයට කතා කොට ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයකු වන ලේක්හවුස් ආයතනයේ හා හිල්ටන් ආයතනයේ හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ සහ සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ දර්ශියා බැස්ටියන් හට කතා කොට ඇත.

මෙම කාන්තාව ස්විට්සර්ලන්ත තානාපති කාර්‍යාලයේ සේවය කරන බැවින් ඇයගේ ජංගම දුරකථනය තානාපති වරප්‍රසාද සම්බන්ධයෙන් ඇති වියානා සම්මුති පනතේ 38(2) වගන්තිය අනුව පරික්ෂාවට ලක්කළ නොහැකි බව විත්ති පාර්ශ්වයේ නීතිඥ උපුල් කුමාරප්පෙරුම පවසා සිටියේය. කෙසේ වෙතත් මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මේ තර්කය පිළිගත්තේ නැත.

කෙසේවෙතත් මහේස්ත්‍රාත්වරිය අවධාරණය කර සිටියේ, වියානා සම්මුති පනතේ 38(2) වගන්තිය අනුව මෙරට රාජ්‍ය පිළිගනු ලබන වරප්‍රසාද පමණක් මෙම කාන්තාවට හිමි වන බවත්, ඒ අනුව අපරාධ නඩුව විමර්ශන සදහා ඇයගේ ජංගම දුරකථනය පරික්ෂා කිරීමට මෙම පනතේ ප්‍රතිපාදන බාධාවක් නොවන බවයි. ක්‍රිෂාන්ත කුරේ කිසිඳු අවස්ථාවක ගානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස්ට ඇමතුම් ලබාදී නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.