ගානියාට මාංචු – ස්විට්සර්ලන්ත තානාපති ජනාධිපතිවරයා හමුවේ

Garnier Banister Francis

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම, රජය අපහසුතාවට පත්කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් ස්විස් තානාපති කාර්යාල නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අය ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(16) නියෝග කළාය. ගානියා අත්අඩංගුවට ගනු ලැබුවේ මානසික වෛද්‍ය පරීක්ෂාවට ලක්කිරීමෙන්අ නතුරුවයි.

The Swiss Ambassadorශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හැන්ස්පීටර් මොක් මහතා අද (16) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

ශ්‍රී ලංකාවේ හොඳ නම කැළැල් කිරීමට තමන්ගේ කිසිදු අදහසක් නොතිබූ බව ස්විට්සර්ලන්ත තානාපතිවරයා කියා සිටියේය. යම්කිසි වැරදි වැටහීමක් ඇති වී ඇත්නම් දැන් එය නිවැරැදි කර ගත යුතු බව ස්විට්සර්ලන්තය තානාපතිවරයා පැවසීය.

ස්විට්සර්ලන්තය දැක්වූ මුල් ප්‍රතිචාර සම්බන්ධයෙන් තමා වරදක් නොදකින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේය. මෙවැනි බරපතළ සිදුවීමක් දැනගන්නට ලැබෙන විට තමන්ගේ සේවිකාව වෙනුවෙන් ඉදිරිපත් වීම සාධාරණ බව ජනාධිපතිවරයා කියා සිටියේය.

දැනට ලැබී ඇති තොරතුරු අනුව මේ සම්පූර්ණයෙන්ම ගොතන ලද සිද්ධියක් බවයි ජනාධිපතිවරයා ස්විට්සර්ලන්ත තානාපතිවරයාට පෙන්වා දී ඇත්තේ. රූපවාහිනී කැමරා දර්ශන, දුරකථන සංවාද, සහ කුලී රථ ධාවන සටහන් වලින් මතුවෙති සාක්ෂි අනුව සාක්ෂි අනුව මෙය අසත්‍ය චෝදනාවක් බව සනාථ වී ඇත.

එහෙත් මෙම කාන්තාව තමන් සහ ආණ්ඩුව අපහසුවට පත් කිරීමට කටයුතු කළේ මන්දැයි තාමත් තමන්ට තේරුම් ගත නොහැකි බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කොට ඇත්තේ. සත්‍ය හෙළිදරව් කර ගැනීම සඳහා පරීක්ෂණ සඳහා සහාය දෙන මෙන් ජනාධිපතිවරයා ඉල්ලීමක් කළ බවයි වාර්තා වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.