ගිනි තැබූ ආනමඩුවේ මදිනා හෝටලය පැය කීපයකින් වැඩ

palitha range bandaraඅන්තවාදීන් කීපදෙනකු විසින් ඊයේ අළුයම (මාර්තු 11) ගිනිතබා විනාශ කරන ලද ආනමඩුව ‘මදීනා’ හෝටලය පැය කීපයක් ඇතුළත යළිත් පිළිසකර කර එහි ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට ආනමඩුව වෙළඳ සංගමය සහ ප්‍රදේශවාසීහු පියවර ගත්හ.

අළුයම 2.15 ට පමණ යතුරුපැදි හතරකින් පැමිණි කණ්ඩායමක් විසින් එම ගිණි තැබීම සිදු කර ඇතැයි සැලකෙන අතර හෝටලයේ විශාල කොටසක් සම්පූර්ණයෙන්ම දැවී විනාශ වී ඇත.

ඒ සමග දේශපාලනඥයන්, නගරයේ ව්‍යාපාරික සංගමය සහ ආගමික නායකයන් එක්ව අද දවස තුළම එම හෝටලය කලින් තිබුණ තත්වයට පත් කර එය විවෘත කරන බව කියා සිටියහ.

ඒ අනුව ආණමඩුවේ 250 කට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන් හෝටලය ප්‍ර‍තිසංස්කරණය කිරීමට එක්වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී,රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර, ආණමඩුව ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ දේශපාලන පක්ෂවල සභිකයින්, පොලීසිය සහ ආගමික නායකයන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.