ගුරුවරු මන්ද මහපාරේ?

Strike

පාසල්වල දරුවන්ට  අකුරු කරමින් සිටිය යුතු ගුරුවරු   අසනීප නිවාඩු  වාර්තා   කොට බත්තරමුල්ල බුද්ධදාස කී‍්‍රඩාංගනය  කරා ළඟා වෙමින් සිටින්නේ  උද්ඝෝෂණයක නිරත වීමටයි.

ගුරු සහ විදුහල්පති සේවාවන් සංවෘත සේවා බවට පත් කොට වසර 23 ක් තිස්සේ පවතින ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව 2019 ඔක්තෝම්බර් 01 දින කැබිනට් අනුමැතියක්  ලැබුණු නමුත් එය ඉටුවී නැති බව  ගුරුවෘත්තිය  සමිති නායක  ජෝශප් ස්ටාලින් පවසයි.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු 2019 දෙසැම්බර් 17 දින අධ්‍යාපන අමාත්‍යවරයා සමගද, 2020 ජනවාරි 21 දින අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සමග ද  සාකච්ඡා පැවැත්වූ බව  ජෝශප් ස්ටාලින් පෙන්වා දෙයි.

පෙබරවාරි 20 දින ට පෙර සියලූ පාර්ශවයන් සමග සාකච්ඡාවක් ලබා දීමට ජනාධිපති අතිරේක ලේකම් රෝහණ අභයරත්න මහතා එකඟ වූවද මේ දක්වා අදාළ සාකච්ඡාව හෝ විසඳුමක් ‌හෝ ලබාදීමට කටයුතු කර නැති නිසා  වෘත්තීය ක්‍රියාමාර්ගය එළැඹුණු බව  ගුරු සංගම් නායකයන්  පෙන්වා දෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.