ගුරු තරුව බැසයයි

Jayalath Manorathna funeral photos

හිරු අද සන්ධ්‍යාවේ අවරට ගියේ ජයලත් මනෝරත්නයන් පිළිබඳ මතක රැසක් ගොනු කර ගනිමිනි. මනෝරත්නයන්ගේ නිවසට යන පාර පුරාම ශෝක ප්‍රකාශය. මේ හැම අයෙක්ම කියන්නට උත්සාහ කරන්නේ, මචං උඹ නැති පාඩුව අපට දැන් ආ කියාය’ එහෙමත් නැත්නම් සහෝදරයා අපි නුඹ බොහෝ දේ ලැබුවා ස්තුතියි යන ගමන සුභ වේවා යන්නයි.

රසිකයෝ දහස් ගණනකි ඔවුහු නිහඬව මුවින් යමක් කියා සිටියහ. හොඳ දේවල් මටත් මාකට් යමක් තිබෙන බව අවමගුලට පැමිණි දහස් සංඛ්‍යාත රසික සහෘදයන්ගෙන් ප්‍රකාශයට පත්විය.

සුසාන බිමේ බෙදෙන ශෝකප්‍රකාශ ය

කන්කලු ඔබේ ගැයුමක්

නෙත්කලු ඔබේ රැගුමන්

හවස දුටු දනන් තුටු කළ

මැණිකකි රසික හද ගැබ

සොඳුරු කලාකරුවාණෙනි එබැවින් ඔබ අප හද ගැබ නිදන් වූ

සුන්දර මනෝ රත්නයකි

ධවල වර්ණ චිතකය ගිනි දැල්ලෙන් රත් පහ වෙයි

සියල්ල අනියත බව සනාථ කොට සුන්දර මිනිසෙක් නික්ම යයි

නෙතඟ රඳවා සිහින් කඳුළු දහරක්.

ජයන්ති මැතිණියනි, භානක පුතණුවනි, ඉන්දීවරි දියණියෙනි ඔබට දුක දරා ගැනීමට ශක්තිය ලැබේවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.