කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී පවත්වනු තිස්දෙවෙනි ලොතරැයි ලොතරැයි දිනුම් ඇදීම අක්‍රමිකතා හා දුෂණ වලින් බහුල එකක් වූ බව විගණකාධිපතිවරයා පෙන්වා දෙයි.
මෙම දූෂණ හා අක්‍රමිකතා නිසා ලොතරැයි දිනුම් ඇදීමෙන් ජාතික ලොතරැයි මණ්ඩලය ට පාඩු සිදුවී ඇති බවයි විගනකාදිපති වාර්තාවෙන් පෙන්වා දෙන්නේ. භාණ්ඩාගාරය චක්‍රලේඛන නිසියාකාරයෙන් පිළිපැද ඇති බවක් දක්නට ලැබෙන්නේ නැතැයි වාර්තාවෙන් හෙළිදරව්වට ඇත. එසේම ඒකාබද්ධ අරමුදලට නිසි දායකත්වයක් ලැබී නැති බවත් වාර්තාව පෙන්වා දෙයි. ත්‍යාග මුදල් නියම කිරීමේදී වෙළෙඳපොළ වටිනාකම් ගැන නිසි තක්සේරුවක් නොකිරීමත් අඩුපාඩුවකි.
මෙම ටිකට් පතක් ඩොලර් සියයක් පමණ විය. දිනුම වූයේ සුපිරි මෝටර් රථයකි. අපේක්ෂිත ඉලක්කයෙන් විකුණාගත හැකි වී ඇත්තේ සියයට තිහක පමණ ටිකට්පත් ප්රමාණයකි.