ගුවනේදී පෙම් සුව

air hostessගුවන් සේවක සේවිකාවන්ගෙන් 68% ක් ගුවන් ගමන අතරතුර, මගීන්ගේ ලිංගික හිරිහැරවලට භාජනය වන බව නවතම සමීක්ෂණයකින් හෙලිව තිබේ. මේ සමීක්ෂණය සිදුකර ඇත්තේ ඇමරිකාවේ ගුවන් සේවක සංගමය විසිනි.

සමීක්ෂණය සඳහා යොදාගෙන ඇත්තේ ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන ගුවන් සේවා ආයතන 29 ක සේවය කරන 3500ක් ගුවන් සේවක සේවිකාවන්ය. මෙයට සහභාගි වූවන්ගෙන් 80% ක් කාන්තාවන් වන අතර 20% ක් පිරිමින් වේ.

මෙම සමීක්ෂණය අනුව ගුවන් සේවක සේවිකාවන් වාචිකම මෙන්ම ශාරීරිකව ද ලිංගික හිංසනයන්ට ගොදුරුව ඇත.

පසුගිය වසර තුල වාචික ලිංගික හිංසනයට ලක්වූ පිරිස සමීක්ෂණයට සහභාගි වූවන්ගෙන් තුනෙන් එකකි. එම කණ්ඩායමෙන් 68% ක් පසුගිය වසර තුළ දෙතුන් වතාවක් වාචික ලිංගික හිංසයට ගොදුරු වී තිබේ.

එසේම පසුගිය වසර තුළ ශාරීරික ලිංගික හිංසනයට ලක්වූ ගණන 18% කි. තමන්ට එවැනි අත්දැකීම් තුන හතරක් පසුගිය වසර තුල ඇති බව එයින් 40% ක් පවසති.

මෙස් හිංසනයට ලක්වූවන්ගෙන් 7% ක් මේ පිළිබඳව තම ගුවන් සමාගමට පැමිණිලි කර තිබුණද වැඩි පිරිසකට ගුවන් සමාගමෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැත.

ගුවන් සේවිකාවක් ලෙස වසර 23 ක සේවාකාලයක් සහ අත්දැකීම් ඇති ගුවන් සේවක සංගමයේ සභාපති සාරා නෙල්සන් පවසන්නේ
‘මේක අපේ රටේ හෙලි නොවුන වසංගතයක්. ගුවන් සේවාව කියන්නෙ, ලිංගික සාගරයක් තුළ ගිලුණු කර්මාන්තයක්. ගුවන් සේවා සමාගම් විසින් දිර්ඝ ගුවන් ගමන් සඳහා ටිකට් පත් නිකුත් කරන කොට ඉස්මතු කරන්නෙ, කම්සැප වත් ගුවන් ගමනක් කියායි. මෙයින් නිතරම බලපෑමට ලක්වෙන්නෙ ගුවන් සේවක සේවිකාවන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.