
එකම ගුවන් යානයක ගමන්ගත් කාන්තාවක් හා පිරිමියෙක් සිහිසුන්ව ඇදවැටී මරණයට පත්ව ඇත. මෙම ගුවන් යානය වෙත ගිය කටුනායක ගුවන් තොටුපළ වෛද්‍යවරුන්, මෙම ගුවන් මගීන් දෙදෙනා පරීක්ෂා කර බලා, ඔවුන් දෙදෙනා මිය ගොස් සිටින බව ප්‍රකාශ කර තිබේ.
සෞදි අරාබියේ ජෙඩා සිට ඉන්දුනීසියාවේ ජුවන්ඩා ගුවන් තොටුපළ බලා පියාසර කරමින් තිබූ ලයන් එයා ගුවන් සේවයට අයත් ගුවන් යානයේ ගමන් ගත් කාන්තාව 77 හැවිරිදි වියේ පසුවන අතර පිරිමියා 64 හැවිරිදිය.
මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ ඉහළ අහසේ ගමන් ගනිමින් තිබියදී, එහි ගමන් ගත් ගුවන් මගීන් දෙදෙනකු සිහිසුන්ව වූ බවට ගුවන් නියමුවා විසින් කටුනායක ගුවන් තොටුපළ වෙත දන්වා එහි ගොඩ බැස්සවීමට අවසර ඉල්ලා තිබේ.
ඉන්පසුව මෙම ගුවන් යානය වෙත ගිය කටුනායක ගුවන් තොටුපළ වෛද්‍යවරුන්, මෙම ගුවන් මගීන් දෙදෙනා පරීක්ෂා කර බලා, ඔවුන් දෙදෙනා මිය ගොස් සිටින බව ප්‍රකාශ කර තිබේ. මියගොස් ඇත්තේ ඉන්දුනීසියානු ජාතිකයන් දෙදෙනෙක්. ඔවුන්ගේ මෘත ශරීර මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කර තිබේ.