ගෙදර ගිය රාජිතට අධිකරනයෙන් කැඳවීමක්

Rajitha Senarathne

හෘද රෝග තත්ත්වයක් හේතුවෙන් ලංකා රෝහලේ ප්‍රතිකාර ලැබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්ත මහතා අද (14) අලුයම එම රෝහලින් පිටව ගොස් ඇත. රෝහලේ දින 18 ආසන්න කලෙයක් ප්‍රතිකාර ලබමින් සිටි සේනාරත්න මහතා අද අලුයම 12.30ට පමණ මෝටර් රථයක නැගී සිය නිවස බලා පිටත්ව ගොස් ඇති අතර මාධ්‍යයට ඔහු හමු වීමේ ඉඩක් ලැබී නොමැත.

සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැර ගැනීමක් සිදු වූ බවට මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ප්‍රදානය කිරීම අභියෝගයට ලක්කරමින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම ජනවාරි මස 17 දා කැදවීමට කොළඹ මහාධිකරණය නියෝග කොට ඇත.

ඒ අනුව මෙම පෙත්සමේ වග උත්තරකරුවකු ලෙසට නම් කර ඇති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට මීලඟ දින අධිකරණයේ පෙනී සිටීමට කොළඹ මහාධිකරණය අද නොතීසි නිකුත් වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.