
රටපුරා සිටින ගොවි ජනතාව විසින් රාජ්‍ය බැංකුවලින් ලබාගෙන ඇති ගොවි ණය කපා හැරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දැනුම්දී තිබේ. ඒ අනුව සතියක කාලයක් ඇතුළත ඒ ගැන වාර්තාවක් සකස් කිරීමට මුදල් අමාත්‍යාංශ විසින් කටයුතු කරමින් සිටියි.
මෙහිදී පුද්ගලික බැංකුවලින් ලබාගෙන ඇති කෘෂිකාර්මික ණය කපා හැරීමට නීතිමය බාධාවන් ඇති නිසා මුල් වටයේදී රාජ්‍ය බැංකුවල ණය කපා හැරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම සම්පූර්ණ ක්‍රියාවලිය සඳහා වසරක පමණ කාලයක් ගත වනු ඇති බවද අමාත්‍යංශය කියා සිටී.