ගෝඨාගෙන් පොලිතීන් නැති ඡන්ද සටනක්

ආරක්ෂාව තේමාව කරගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂය තම ඡන්ද සටන මෙහෙයවීමට බලාපොරොත්තු වෙන බවක් පෙනෙන්නට තිබේ.  පොදුජන පෙරමුණු මහ සම්මේලනය ඇමතූ ගෝඨාභය රාජපක්ෂය මහතා පැවසූයේ අනාගත දේශපාලනයේ විප්ලවීය වෙනසක් සිදු කිරීමට ලැබුණු අවස්ථාව වගකීමෙන් හා නිහතමානීව බාරගන්නා බව බවයි.

දැනට පෙනෙන්නට තිබෙන පරිදි ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූර අපේක්ෂකයා වුවත් ඡන්ද සටනේ සුක්කානම මෙහෙයවන්නේ මහින්ද රාජපක්ෂයි. පොදුජන පෙරමුණේ නායකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ මහින්ද රාජපක්ෂ ජනාධිපති සිරිසේන හා තීරණාත්මක එකඟත්වයකට හෙලවෙන්න බලාපොරොත්තුවෙන් සිටී. පරිණත දේශපාලනඥයෙක් වන මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ගොඩ නොමැතිව ජයග්‍රහණය කළ නොහැකි බව හොඳින්ම දනී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිතකර ලෙස කැබිනට් ඇමති තනතුරු කිහිපයක් සහ මහ ඇමති තනතුරු කිහිපයක් මෙන්ම ජනාධිපති සිරිසේනට පොලොන්නරුව හරහා යළිත් පාර්ලිමේන්තුවට පැමිණීමට අවකාශය ආදී ඉල්ලීම් කීපයක් මේ වන විට ඉදිරිපත්වී ඇතැයි තතු දත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පොලිතීන්,ප්ලාස්ටික් භාවිත නොකර මැතිවරණ ව්‍යාපාරය කළ යුතු බවත් අනික් පක්ෂවලට ආදර්ශයක් විය යුතුයැයිද සිය පාක්ෂිකයින් හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා සිය කතාව අවසානයේදී ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.