
අමෙරිකාවේ හිටපු අතුල් කෙෂාප් ශ්‍රී ලංකාවෙන් නික්ම යාමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවේ කියා සිටියේ තමන් ගෝඨාභය රාජපක්ෂ ගේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය රුචි නොවන බවයි.
ඇමරිකානු තානාපති වරයා හා මහින්ද රාජපක්ෂ අතර ඇතිවූ මේ සාකච්ඡාව මාධ්‍යයට ද හෙළිදරව් කෙරිණ. මේ වන විට ඒ තත්ත්වය වෙනස් වී ඇති බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.
පොදු ජන එක්සත් පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කිරීමට පැය කීපයකට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියාව භාර සහකාර ලේකම් ඇලිස් වේල්ස් මෙනවිය අතර හමුවීමක් පැවැත්විණ.
එම අවස්ථාවට ඇමෙරිකානු තානාපතිනි අලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය එක්ව සිටියා ය. දේශපාලන විචාරකයින් පවසන්නේ ඇමරිකානුවන්ගේ රාජපක්ෂ විරෝධය තවදුරටත් වලංගු නොවන බවයි