සත්‍ය සහ සාධාරණය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය කියා සිටින්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව චෝදනා දහයක් පමණ ඇමරිකානු එක්සත් ජනපදයේ ගොනු වී ඇති බවයි.
පුද්ගලයින් හිංසනයට ලක්කිරීම සම්බන්ධයෙන් නැගී ඇති මෙම චෝදනා කැලිෆෝනියාවේ අධිකරණයකට ඉදිරිපත් කොට ඇත. තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ පුද්ගලයින් නිර්නාමිකව මේ පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීම තීරණය කොට ඇති බවයි ව්‍යාපෘතිය කියා සිටින්නේ. මෙම පැමිණිලි ජූනි 26 වැනිදා ඉදිරිපත් කොට ඇත.
මෙම චෝදනා ගොනු කළ පිරිස් අතර සිංහලයින් දෙදෙනෙක් සහ දෙමළ ජාතිකයින් අට දෙනෙක් සිටිති. ගිනියම් කරන ලද යකඩ වලින් පිලිස්සීම, කස පහර දීම, ලිංගික හිංසනය, පෙට්‍රල් දැමූ පොලිතින් මලු වලින්කො හිස වැසීම , ආදි හිංසන ක්‍රියාවලට මේ පෙත්සම්කරුවන් ලක් කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා ට වගකීමක් ඇතැයි මෙම පෙත්සම් කරුවන් විසින් උසාවියට දන්වා ඇත.
අන්තර්ජාතික නීතිඥ සමාගමක් වන Hausfeld විසින් මේ චෝදනා ගොනු කොට ඇත. පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා තමන් හිංසනයට ලක් කළ බව එක් පෙත්සම් කරුවෙක් දක්වා ඇත. විද්‍යා ජෙයකුමර් නැමැති කාන්තාවක් පැවසූයේ තමා පුරා තුන් අවුරුද්දක් හමුදා කඳවුරකදී ලිංගික හිංසනයට පත්වූ බවයි.
සත්‍ය සහ සාධාරණය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය වෙනුවෙන් කතා කළ යස්මින් සුකා කියා සිට පුරා වසර හයක් තිස්සේ කළ විමර්ශනවලින් අනතුරුව මේ චෝදනා ගොනු කිරීමට කටයුතු කළ බවයි.