ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකානු පුරවැසිකම අත්තහැර ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයටය ඉදිරිපත්වීමට ඉඩක් නැති බව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.
මේ වනවිටත් ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන්ගේ අමෙරිකානු පුරවැසිකම අත්හැර දැමීමට හැකි වී ඇත්නම් ඔහු වහාම කළ යුත්තේ එම ලිපිය ඉදිරිපත් කිරීම බව දුමින්ද දිසානායක පවසයි.
රාජපක්ෂවරුන් සෑහෙන තරම් කාලයක් රට පාලනය කොට ඇති බවත් දැන් දෙවනපෙළ නායකත්වයට ඉඩදිය යුතු බවත් දුමින්ද කියා සිටියේ.
පසුගිය කාලයේදී මහින්ද රාජපක්ෂ , නිරූපමා රාජපක්ෂ, චමල් රාජපක්ෂ ,බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුව සහ පළාත් සභා තුළ නියෝජනය වූ අතර ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් තනතුර දරමින් සෑහෙන තරම් බලයක් පරිහරණය කළ බව දුමින්ද දිසානායක පෙන්වා දෙයි.
මේ අතරවාරයේ පොදුජන එක්සත් පෙරමුණ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දුමින්ද දිසානායක හා දයාසිරි ජය සේකර මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක්වී ඇත .
මේ අවස්ථාවේදී කලබල නොවී කටයුතු කරන ලෙස මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා සෙසු මන්ත්‍රීවරුන්ට දන්වා ඇත ලක්ෂ 6 කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් මෛත්‍රිපාල සිරිසේන සතුව ඇති බව විශ්වාස කෙරෙන හෙයින් ඔහු එක්සත් ජාතික පක්ෂය දිසාවට තල්ලු නොකර නොකර තබා ගැනීමට උත්සහ කළ යුතු බව මහින්ද රාජපක්ෂ ගේ මතය වී ඇත.
දිනේෂ් ගුණවර්ධන
මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස චමල් රාජපක්ෂ ය මන්ත්‍රීවරයාගේ නම යෝජනා වී ඇත යෝජනා වී ඇති අතර තවත් පිරිසක් රාජපක්ෂවරුන්ට විකල්පයක් ලෙසින් දිනේෂ් ගුණවර්ධනගේ නම ඉදිරිපත් කරමින් සිටිති.