ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනට

වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුවට ගොස් සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (23) රාත්‍රියේ යළි දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. මේ අතර වාරයේ ජනාධිපති අපේක්ෂක තනතුර ලබාගැනීම සඳහා දැඩි සටනක යෙදීමට සිදුව ඇත . සුළු ජාතික ඡන්ද ලබාගැනීමට ඇති අසීරුව සහ ඇමරිකාවේත් ලංකාවේත් නඩුහබ වලට අමතරව රාජපක්ෂ පවුලේ ඇති බෙදීම්ද මේ තත්වයට බලපා ඇත . කෙසේ පොදු ජන පෙරමුණට ඡන්දය දෙන දකුණේ පිරිස අතර වඩාත් ජනප්‍රිය චරිතය වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාය .

ඒ මහතා ඊයේ රාත්‍රී 11.45ට පමණ සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක, බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත ළඟා වූ බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ දැනට වෙන වෙනම ක්‍රියාත්මක වන විපක්‍ෂ දේශපාලන ධාරාවන්ගේ ‘ඒකාබද්ධ වැඩපිළිවෙලක්’ සකස් කිරීම ‘ඒකාබද්ධ විපක්ෂයේ’ නායකයන්ගේ උත්සාහය බව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂත් නව පක්ෂයේ නායකත්වයට පත්වීමට දරන උත්සාහයට වාසුදේව නානායක්කාර සහ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරුන් දැඩි විරෝධය පළ කරන බව මේ අතර රාවය පුවත්පත වාර්තා කර තිබුණි.

එහෙත් එම වාර්තාව සම්පූර්ණ අසත්‍යයක් බව බැසිල් රාජපක්ෂ පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.