ගෝඨාභය වෙනුවෙන් හිටපු අගවිනිසුරු අශෝක අධිකරණයට

ashoka

ලසන්ත වික්‍රමතුංග ගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග පවරන ලද නඩුවේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව නැගී ඇති චෝදනා වලට පදනමක් නොමැති හෙයින් මෙම නඩුව නිශ්ප්‍රභා කරන්නැයි ඉල්ලීමක් ඉදිරිපත් වී ඇත.

මෙම ඉල්ලීම ඉදිරිපත් කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ හිටපු හතළිස් දෙවැනි අගවිනිසුරු අශෝක ද සිල්වාය. මෙම ඉල්ලීම මධ්‍යම කැලිෆෝර්නියාවේ බටහිර කොට්ඨාශය දිස්ත්‍රික් උසාවිය වෙත ඉදිරිපත් කොට ඇත.

සාමාන්‍යයෙන් විශ්‍රාමලත් අගවිනිසුරුවරු නීතිමය කටයුතුවලට පැටලෙන්නේ නැත එහෙයින් මේ අසාමාන්‍ය අවස්ථාවක් බව නීති විශාරද විශාරද විශාරදයි න් පවසති.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ 110 (3) වගන්ති අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරයකු ට නීතිමය කටයුතුවලට මැදිහත් වීම සඳහා ජනාධිපති වරයාගේ අවසරය අවශ්‍ය වේ.

එහෙත් මේ අවස්ථාවේදී මෙම නඩු කටයුතු සිදුවන්නේ විදේශයකදී වන බැවින් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව ඊට අදාල නොවන බව කෙනෙකුට තර්ක කළ හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.