ගෝඨා නම දාගන්නෙ නැතත් මම නම් දාගන්නවා

mahinda rajapaksha

විවිධ ආකාරයේ විවෘත කිරීම් සදහා තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇරයුම් කලද ඒ කිසිවක නම සඳහන් නොකරන්නැයි ඔහු දැනුම් දී ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි.

අඩුම තරමේ ‘හත් වැනි විධායක ජනාධිපති’ ලෙස හෝ සඳහන් කරන්නැයි ඉල්ලුවද එයද ජනාධිපතිවරයා විසින් ප‍්‍රතික්‍ෂෙප කල බවද අගමැතිවරයා පැවසීය.

කෙසේ වෙතත් තමන් නම් අවශ්‍ය තැන්වලදී නම සඳහන් කරගන්නා බව අගමැති මහින්ද රාජපක්ෂ කියා සිටියේ එසේ නොමැති නම් රනිල් වික්‍රමසිංහ මේවා කල බව ජනතාව කල්පනා කළ හැකි බවයි.

උත්සව සභාවක් අමතමින් අගමැතිවරයා කියා සිටියේ අද රටට ලැබී ඇත්තේ ඉතාම සරල ජනාධිපතිවරයෙක් බවයි.

ජනාධිපතිවරයා සියලූම කැබිනට් අකුරක් නෑර කියවා බලන එකම ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ බවත් පෙරදා තමන් ජනාධිපතිකම් කරද්දී අකුරක් අකුරක් නෑර කියවන්නට ගිය නැති බව මහින්ද රාජපක්ෂය අග්‍රාමාත්‍යවරයා මහනුවරදී පැවසූයේ සභාව සිනහ ගන්වමින් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.