ගෝඨා හිරේ දාන උත්සාහයක්?

ඉදිරි ජනාධිපතිවරණයට පෙර අපේ රාජපක්ෂ මහතා සිරගත විය හැකි බව සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා කියා සිටි. ජනාධිපති අපේක්ෂකයා ලෙස පිවිතුරු හෙළ උරුමය යෝජනා කරන ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කළත් සිරගෙදර තබාගෙන ඔහු වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන බව පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.

මෙය අතරවාරේ මුජිබර් ර්හ්මන් මන්ත්‍රීවරයා පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරිම පිළිබඳව මහින්ද රාජපක්ෂ තුළ අදහසක් නැති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මේ වන විටත් තෝරාගෙන ඇති අතර එක්සත් ජාතික පක්ෂයට අපේක්ෂකයෙකු තෝරාගැනීම ගැටලුවක් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සදහන් කළේය.

දැනට සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටින්නේ තමන් සුවය ලැබූ ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණ නඩු සඳහා පෙනී සිටින බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.