චන්ද්‍රිකාට රට ගැන දුකයි

සාමය සහ සංහිඳියාව වෙනුවෙන් ප්‍රකට කළ කවිය පිළිබඳව පසුගියදා ලන්ඩනයේ දී සම්මානයට පාත්‍ර වූ ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ශ්‍රී මේ රටට අත්ව තිබෙන තත්ත්වය පිළිබඳව තමන් කම්පාවට පත්වන බවයි. අකාර්යක්ෂම දේශපාලන පංතිය මේ රටේ තත්ත්වය තවදුරටත් කාරක අතට හරවා ඇති බව ඇය කියා සිටියාය.

search for common ground නම් ආයතනය මගින් හිටපු ජනාධිපතිනිය වෙත සම්මාන පිරිනමා තිබිණ. තමාගේ පියාගේ ජීවිතයත් ස්වාමියාගේ ජීවිතයත් තමන්ගේ ජීවිතයත් වෛරය නිසා අනතුරට පත් වූ හැටි හිටපු ජනාධිපතිනිය ආරාධිතයින් සමූහය හමුවේ ඉතා සංවේදී ආකාරයකින් කියා සිටි බව වාර්තාකරුවෝ පවසති. ත්‍රස්තවාදය මේ යුගයේ භයානකම අනතුර බව ඇය පැවසුවාය. ප්‍රචණ්ඩත්වය පරාජය කළ හැක්කේ වෛරයෙන් නො ව ආදරයෙන් සහ කරුණාවෙන් බව ඇය කියා සිටියාය.

මීට අවුරුදු කිහිපයකට පෙර හිටපු ජනාධිපතිනිය ඉන්දියාවේ දී කියා සිටියේ තමන්ට යමක් කළ අය සම්බන්ධයෙන් තමන්ට යමක් නොකර සිටීමේ හැකියාවක් නැත්තේ තමන්ද පෘථග්ජනයකු වන හෙයින් බවය. විශේෂයෙන්ම ඇය මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් ළතෙත් පිළිවෙතක් අනුගමනය කිරීමට සූදානම් නැති බවයි පෙනී යන්නේ.

කෙසේ වෙතත් එක් ඇසකට බරපතළ හානි සිදු වී තිබියනතාව හෝ එල්ටීටීඊ සංවිධානය කෙරේ වෛරය ඇතිවන ආකාරය කිසිදු ප්‍රකාශනයක් නොකිරීම ප්‍රශංසනීය බව ඒ සම්භාවනිය ආරාධිතයින් අතරේ සිරි කීපදෙනෙක්ම කියා සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.