
ජාත්‍යන්තර කාන්තා අංශය යටතේ ප්රදානය කරන ලද සම්මාන 7 න් 4 ක් චමරි අතපත්තු හිමිකම් කීවාය. ඇය වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත් අතර වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය මෙවර ලබා නොදීම විශේෂත්වයක්.
අතපත්තු මුදියන්සේලාගේ චමරි ජයංගනී ශ්‍රී ලංකාවේ 2020 කාන්තා කණ්ඩායම මෙහෙයවන ආකාරය පිළිබඳව නිරීක්ෂණය කළ ක්‍රිකට් විචාරක කියාසිටියේ අය ආක්රමණශීලීත්වය සහ සංගමය අතර අපූරු මුසුවක්ඔ වන බවයි.
2016-17 සම්මාන උළෙලේ උළෙලේදී හොඳම කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙසත් ඇය සම්මානයට පාත්‍ර වූවාය. කාන්තා ලෝක කුසලානයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව අ පැවති තරගයේ අගනා පිති හරඹයක යෙදුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ චමරි අතපත්තු නොදැවී ලකුණු 178 ක් රැස් කිරීමට සමත් වූවාය.
පන්දු 143 ක් තුළ රැස් කළ එම ලකුණු සංඛ්‍යාවට හතරේ පහර 22 ක් සහ හයේ පහර 06 ක් ඇතුළත් විය.අධිෂ්ඨාන පූර්වකව නිරන්තරයෙන් පුහුණුවීම්වල නිරත වීම චමරි ගෙ රහසයි. පුහුණුවට දක්වන කැපවීම අතින් ඇය දෙවෙනි වෙනවා නම් දෙවෙනි වෙන්නෙ මුත්තයියා මුරලිදරන්ට පමණි.