
පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය සහ මහජන නියෝජිත වරප්‍රසාද උල්ලංඝනය කර ඇතැයි කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
“විශේෂයෙන්ම පසුගිය වසර 04 ක කාලය තුළ මෙම සම්ප්රදාය වෙනුවෙන් දැඩිව පෙනී සිටි එවකට විපක්ෂය නියෝජනය කළ පාර්ශවය රාජ්‍ය බලය ලබා ගත් සැනින්ම එම සම්ප්රදාය උල්ලංඝනය වීමට ඉඩ හැරීම විමතියට හා කණගාටුවට කරුණකි.
කිසියම් වරදක් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරිම රජයක පැහැරහල නොහැකි වගකීමක් වන අතර එහිදී නිතියට ගරු කිරිමට සියලු පුරවැසියන් බැඳි සිටින බවට කිසිදු විවාදයක් නොමැත.
නමුත් එහිදි පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය සහ මහජන නියෝජිත වරප්‍රදාස සම්බන්ධයෙන් වන පිළිවෙත උල්ලංඝනය කිරිම, ප්‍රජානත්ත්‍රවාදි පාලන ක්රමයක වැදගත් සම්ප්‍රදායන් අභියෝගයට ලක් කිරිමක් පමණක් නොව එය පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය බිඳවැටීමක භායානක පෙර නිමිත්තක් බවද පෙන්වා දෙමු”.
හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අධිකරණයට ඉදිරිපත් කළ මන්ත්‍රීවරයා ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අතිරේක මහේස්ත්‍රාත් නෙරංජන් ද සිල්වා මහතා නියෝග කළ බව නියෝග කොට ඇත.