
චම්පික රණවක හිටපු ඇමතිවරයාට අත්අඩංගුවට ගැනීමේ සැලැස්ම වාර්තා වන්නේ ඔහු කොළඹ නගරයෙන් බැහැර ගොස් සිටියදීය. පොලිසිය නිවසට පැමිණි අවස්ථාවේදී ඔහුගේ නීතීඥවරුන් සහ ඔහු දැඩි විරෝධයක් පළ කළ පළ කොට සිටියහ.
උසාවියට ඉදිරිපත් වූ පසුව ඔහුව බන්ධනාගාරය කරා යොමු කළ අවස්ථාවේදී රෝහල් ගතවීමේ ඉඩප්රස්ථාව ගැන ඔහුගේ හිතවතුන් සාකච්ඡා කළ නමුත් මෙම අදහස ප්‍රතික්ෂේප විය.
ඇමතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙන බව ආරංචි වූ සැනින් බන්ධනාගාර බලධාරීහු ඔහුට සිර කුටියක් වෙන් කළහ. ඔයා ආරක්ෂාව මැනවින් තහවුරු කිරීමේ අවශ්‍යතාවය බං බලධාරීන් තේරුම් ගෙන සිටියහ.
සිර කුටියට ඇතුල් ඇතුළු චම්පික රණවක වටපිට බැලීය තිබුණේ පදුරක් පිඟානක් සහ කෝපයකි.
මෙට්ටයක් ගන්න පුළුවන් දැයි ඔහු විමසුවේය
අහලා බලන්න වේයැයි ජේලර්වරයකු කියා සිටියේය.
පණිවිඩ කිහිපයක් එහා මෙහා විය එදා රාත්‍රියේ පැදුරක නිදා ගැනීමට ධීවරයාට සිදුවිය.
බන්ධනාගාර රෝහලින් වෛද්‍ය නිර්දේශ
කිසියම් රැඳවියකු කොන්දේ ආබාධයකින් පෙලෙන්නේ නම්,රාත්‍රියට නිදාගැනීම සඳහා කොට්ටයක් හා මෙට්ටයක් ලබාදීම වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන බවත්, චම්පිකට එබදු කිසිදු ආබාධයකින් නොතිබූ බවනිලධාරීහු සඳහන් කරති.
කෙසේ නමුත් රිමාන්ඩ් බාරයේ පසුවන හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට කොට්ට මෙට්ට ලබාදීම සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහලින් වෛද්‍ය නිර්දේශ පසුවදා ලැබිණ.
රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියගේ අනුමැතිය මත මෙම වෛද්‍ය නිර්දේශ ලැබී තිබෙන බවද වාර්තා වේ.
කෝප්පයක් පිගානක් හා ඇද ඇතිරිල්ලක් පිටතින් ගෙන ඒමට අවසර දී ඇත.
මෙම සිර මැදිරිය සවස 5 ට සිරකරුව අගුළුදමා වසන බවත් නැවත පසුදින අලුයම 6 ට විවෘත කරන බවත් වාර්තා විය. සැකකරුට උදේ හා සවස පැයක් බැගින් පිටතට පැමිණීමට අවකාශ ලබාදෙන්නේ ව්‍යායාම හා වාතාශ්‍රය පිණිසය.
මේ වන විට එක්සත් ජාතික පක්ෂය ප්‍රබලයන් රැසක් ම හිටපු ඇමතිවරයා හමුවී ඇති අතර ඔහු වෙනුවෙන් කළ හැකි සියල්ල කරන බව ඔහුට පොරොන්දු වි ඇත.